අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය

highway

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6602bb7b8e06a