කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය අප්‍රේල් 03 දැනුම්දීමට දින නියම කෙරේ

keheliya-rambukwalla-3[1]

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම්දී තිබෙනවා.

දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා.