ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ – විජිත හේරත්

wijitha-herath-2

අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් එය ගෙවා දැමුවාට කමක් නැතිදැයි විමසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍ලේකම් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද, එසේ ගෙවීම අනුමත කර නැවත ලිපියක් එවා ඇති බවද, කෙසේ නමුත් එය නීති විරෝධී බවද ඔහු පෙන්වා දුන්නා.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටළු පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කල අතර, මෙවැනි තත්ත්වයකදී ගොවියාට වී කිලෝවකට රුපියල් 140 ක් ‍ගෙවීමට නොහැකි යැයි පැවසීම කිසිදු ‍ආකාරයකට සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.