ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

WhatsApp Image 2024-03-08 at 16.16.36

2024.03.08

 

ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

පළමු වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන දෙවන ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය අද (08) දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බොලිවුඩ් තරු පිරිවරා ඉතා උත්කර්ශවත් ලෙස ආරම්භ කිරීමට නියමිත ය.

ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ( sport tourism) දිරිගැන්වීම අරමුණු කරගෙන දියත් කරන වැඩසටහන් මාලාවක තවත් අදියරක් ලෙස මේ තරගාවලිය පැවැත්වෙන බව ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ විනෝදාස්වාදනය උපරිමයෙන් ප්‍රේක්ෂකයින් හට ලබා දීමට සංජේ දත්, බාද්ෂා, එම්රාන් හෂ්මි සහ ජැකලින් ෆර්නැන්ඩස් වැනි ජනප්‍රිය බොලිවුඩ් තරු සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සදහා සූදානම්ව සිටිති.

කණ්ඩායම් 07 ක්, තරග 22 ක්, දින 12 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේ දී ක්‍රිස් ගේල්, යුවරාජ් සිං සහ හර්බජාන් සිං ඇතුළු අතීතයේ සිටි දැවැන්තම ක්‍රිකට් තරු රැසක් නැවත ක්‍රීඩා කරනු දැක ගත හැක. මෙහි පළමු තරගය අද (08) දින යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා හර්ජබං සිංගේ නායකත්වයෙන් යුත් ඩුබායි ජයන්ට්ස් කණ්ඩායම තරග වදිනු ඇත.

මෙවර පන්දුවාර 90 තරඟ සඳහා පන්දු යවන්නන් 5 දෙනෙකු යෙදවීමට නියමිත අතර, එක් කණ්ඩායමකට ඔවුන්ගේ ලකුණ තැබීම සඳහා පන්දුවාර 3 බැගින් ලබා දී ඇත. මෙවර  තරගාවලිය Star Sports Network හරහා සජීවීව විකාශණය කෙරේ.

ලෙජන්ඩ් ක්‍රිකට් කුසලානයේ පළමු තරගය පන්දුවාර 20 ආකෘතියෙන් ක්‍රීඩා කළ අතර එය පසුගිය වසරේ මාර්තු 22 සිට 30 දක්වා ඉන්දියාවේ ගාසියාබාද්හිදී පැවැත්විණි.

WhatsApp Image 2024-03-08 at 16.16.37 (1) WhatsApp Image 2024-03-08 at 16.16.37 WhatsApp Image 2024-03-08 at 16.16.36 (1) WhatsApp Image 2024-03-08 at 16.16.36

මාධ්‍ය අංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය