ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 28 ක් සපිරෙයි

65f68ab0745de

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට්  ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28 ක් සපිරෙනවා.

1996 වසරේ මාර්තු මස 17 වනදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගත්තා.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241 ක්.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පළමු වරට ලෝක කුසලාන කිරුළ ශ්‍රී ලංකාවට උරුමකර දෙමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තා.

65f68ab08d4d0 65f68ab08212b 65f68ab0745de