වනිඳු හසරංගට IPL තරගාවලිය අහිමි වෙයි

wanindu-hasaranga-test

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවත් ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.