ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නම් අතරට කමිඳු ඇතුළත් වෙයි

ICC CWC 2023

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා වන නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද යෝජනාවී තිබෙනවා.

ඒ ඔහු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලකුණු 334 ක් හා කඩුලු 3 ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔහුට අමතරව අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්තයේ Matt Henry ද ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා යෝජනා වී තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් සඳහා මෙතැනින් මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.