LPL වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් පත් කෙරේ

lpl-2022

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති ලෙස බන්දුල දිසානායක පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ෂේන් ප්‍රනාන්දු, තරංග පරණවිතාන හා ටිරෝන් විජේවර්ධන පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් සොයා බැලීමට නියමිතයි.

792ab26b06dd5aee133ed618598cce8b