ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

South-Africa-win

T20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹාගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරධනා කළ අතර කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Johnson Charles ලකුණු 118 ක්, Kyle Mayers ලකුණු 51 ක් හා Romario Shepherd නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Quinton de Kock ලකුණු 100 ක්, Reeza Hendricks ලකුණු 68 ක් හා නායක Aiden Markram නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා.