SLvsNZ : පළමු තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

SLVSNZ01

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව ප්‍රථම තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටින අතර ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ මෙම තරඟය ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.