ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

maha-na-himi

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පසුගිය කාලවකවානුව තුළ දිවයිනේ අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත් කමකින් යුත් විහාරස්ථානයන්ගේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව විශේෂ දායකත්වයක් ලබාදුන් බවත් එම සිද්ධස්ථානයන්ගෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතුවන බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර හා අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් එම සිද්ධස්ථාන ආශ්‍රිතව යෙදවීම සුදුසු බවත් උතුරු නැගෙනහිර පළාත්වල විහාස්ථානවල ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා එලෙසම පවත්වා ගැනීම සුදුසු බවයි මහනාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

af68f0e6d7b269d9b3b64deac88782bc