ලංකාවේ තත්වය ගැන ආරක්ෂඛ ලේකම් බොස්ටන්ට කතා කරයි

kamal-gunaratne-defence-secretary-of-sri-lanka
මේ වන විට එක දිගට සහ වරින් වර බල පැවැත්වෙන ඇදිරිනීතිය තව කෙතරම් කාලයක් මේ අකාරයෙන් විටින් විට හෝ එක දිගට බලපැවැත්වෙන්නේ ද යන්න ජනතාව තුල ඇතිවී තිබෙන ප්‍රශ්ණයක්. එවැනිම එක දිගටම ගුවන් ගමන් මෙන්ම විදේශීය ජනතාව වෙනුවෙන් පනවා ඇති නීති ද දිගුවක් ලෙස පවතී.  සියලට රජයට හේතුවක් ඇත. කෙසේ වෙතත් Boston අප කල විමසීමේදී අපට සැලවුයේ ඇදිරි නිතිය ඉවත් කරන කාල සීමාවක් මෙන්ම සියලු අත්හිටුවීම් ඉවත් කිරීමට රජය විසින් තීරණය කර නොමැති බවයි.
ඒ පිලිබදව Boston අප කල විමසීමට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේඛම් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වත්මන් ඇදිරි නිතිය ත්‍රස්තවාදී හෝ භීෂණයක් සම්බන්දයෙන් බල පැවැත්වෙන එකක් නොවන බවත් මෙය රෝග භියක් මත පැනවූ අදිරිනිතියක් බවයි. ඒ නිසා රෝග භිය මත ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වන බවද ඔහු පැහැදිලි කළා.
බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය ජන ජීවිතය සම්බන්දයෙන් තීන්දු තීරණ ගන්නා බවද ජනතාවගේ හැසිරීම් ද ඇදිරි නීතියට බලපාන බව ඔහු පැවසුවා. ලබා දුන් නිදහස් කාලයේදී පවා ජනතාව සෞක්‍ය අංශ සහ රජය පැවසු දේ නොතැකීම හේතුවෙන් දිගටම ඇදිරි නිතිය පැනවීමට සිදුවූ බවද ඔහු පැහැදිලි කිරීමක් සිදු කළා.
මේ අවස්ථාවේදී සියළුම අතවශ්‍ය සේවා අංශ මෙන්ම රජය මෙම තත්වයෙන් රට සහ ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය සියලු දේ ඉටු කරන බවත් එය රාජකාරියක් වගේම වගකීමක් බවත් මතක් කරමින් ආරක්ෂක ලේඛම් වරයා ඉතාමත් සංවේදී ඉල්ලීමක් ඉදිරිපත් කලේ මෙලෙස “අපි ඔබට උදව් කරනවා. ඔබ ඔබට උදව් කරන්න අපිට උදව් කරන්න”  කියාය.
එමෙන්ම විදේශීය ජනතාව සම්බන්දයෙන් ගුවන් ගමන් සම්බන්දයෙන් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ මෙන්ම අනෙක් සියල්ල සදහාද මෙරට පවතින රෝග භිය අනුව තීරණය වන වන බවද ආරක්ෂක ලේඛම් පැවසුවා
By Ashanthi Warunasuriya