පළමුවරට ලද රියලිටි අත්දැකීමෙන් තවත් නිර්මාණ වලට යොමු වන බොස්ටන් ඩ්‍රීම් වොයිස් කෝකිලාවිය

Rashenka
කුඩා කළ සිටම සිය කලා හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් ඇය, ඇයගේම නිර්මාණ හරහා මෙතෙක් පැමිණි මෙන්ම ඉරිදියට යන ගමනක් ඇත. නිවේදනය, නර්ථනය, රංගනය මෙන්ම එක ලෙසට ඈ තුළ ප්‍රගුණ වූ සංගීත හැකියාවට උසස් අධ්‍යාපනයත්  මිශ්‍ර විය. නුගේගොඩ මුල් ගම්බිම් කර ගනිමින් සහෝදරියන් දෙදෙනෙකුට ආදර්ශයක් සැපයූ වැඩිමහල් චරිතය වූ මැය කොළඹ මියුසියස් විදුහලේ ආදී ශිෂ්‍යාවකි. සලක විධ හැකියාවන් ප්‍රකට කළ මෙකී චරිතය අද දවසේදී තවත් වටිකමක් මවන්නේ බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටි ගයනා තරගයේ අනු ශුරතාවයට හිමිකම් කියමින් කිරුළු පැළඳීමත් සමගිනි. රුවැති හැඩති කාන්තා ලාලිත්‍යයේ වෙනස්ම හඬ පෞරුෂයට උරුමක්කාරී “රෙෂන්කා අමරසිංහ” මේ වන විට කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචිව සිටිද්දී මෙලෙස අප හා සම්බන්ද විය.
කොහොමද කැනඩාවේ ජිවිතේ ?
අවුරුදු 12ක් වෙනවා ඇවිල්ලා. මාස්ටර්ස් කරන්න ආවේ. දැන් නම් මගේ නංගිලා දෙන්නත් ඉන්නේ මෙහෙ.
ඔබ කලාවේ විවිධ පරාස ඇල්ලූ චරිතයක්. කෙටියෙන් මතක් කරමුද ඒ අතීතය?
ඔව් පාසල් කාලේදී උඩරට නර්තනය හැදෑරුවා. නාට්‍ය රංගනයට සම්බන්ද වෙලා තියෙනවා. ගායනය පැත්ත ගත්තම පොඩි කාලේ ඉදල ජන ගී ප්‍රගුණ කළා.සංගීතය විෂයක් විදියට හැදෑරුවා. සමස්ත ලංකා තරඟ වලට සම්බන්ද වුණා. ස්වර්ණවාහිනිය සහ ස්වාධින රූපවහිණියේ ළමා නිවේදිකාවක් ලෙසින් සම්බන්ද වුණා. දැනට මම “නින්ද නොයන සඳපානේ” කියලා මගේම ගීත නිර්මාණයකුත් කරලා තියෙනවා. ඉතිං මෙහෙ ඇවිල්ලත් මෙහෙ තියෙන සංකෘතික වැඩසටහන් වගේම මෙහෙ තියෙන චැනල්ස් වල වැඩසටහන් වලට සම්බන්ද වෙනවා.

29

බොස්ටන් ලංකා ඩ්‍රීම් වොයිස් සම්බන්ද වෙන්නේ කොහොමද ?
මට මේක ආරංචි වුණා. ඉතිං දාලා බලමු කියලා හිතලා ඇප්ලයි කළා. මේක පළමු වරට සිදුවුණු රියලිටි අත්දැකීමක් නිසා හරිම වෙනස් අත්දැකීමක් ලැබුණේ. මම ඒ වන ගැබිණියක්. ඇත්තටම හස්බන් නැත්නම් මෙහෙම ගමනක් එන්න , මෙවන් ජයග්‍රහනය් ලබා ගන්න බැහැ.
ඔහු ගැනත් කියමු නේද ?
ඔව් ඔහු මදුර අමරසිංහ. ලංකාවේ ඉන්නකොට මම කරාටි ක්ලාස් ගියා. ඔතනදි තමයි මදුර හම්බ වෙන්නේ. වසර ගණනක ප්‍රේම සම්බන්දයකින් පසුවයි අපි ව්වාහ වුණා.  බබා සැප්තැම්බර් 5 ලැබුණේ. අවසන් තරඟයට මම දවස් දෙකක් ගියේ හස්බන් ලඟ බබාව තියලා. එයාමයි මට කිව්වේ බබාව එයා බලා ගන්නම් මට තරඟෙට යන කියලත්.
පළමු වරට ලැබූ රියලිටි අත්දැකීම ගැන මොකද හිතෙන්නේ ?
මම ලංකාවෙන් එකකොට දැකලා තිබ්බේ එක සිරසේ ගිය රියලිටි ෂෝ එක විතරයි. එතකොට රියලිටි මුල් කාලේ වගේ. ඉතිං මට එහෙම රියලිටි ගැන ලොකු අවබෝධයක් තිබ්බෙත් නැහැ. මෙහෙත් මේක අළුත්ම දෙයක්. ඒවගේම මෙහෙම අවස්ථා අඩුයි. සියල්ල සමග ලැබුවේ ලොකුම අත්දැකීමක්. මේ අවස්ථාවෙන් පස්සේ තවත් ගීත කරන්න ආසාවකුත් ආවා. හරිම සතුටුයි. මෙවන් අවස්ථාවක් සැලසූ බොස්ටන් ලංකා වෙත මගේ ස්තුතිය පිරිනමනවා.
ඔබ කොහොමත් කලාකාරිනියක්. ඉදිරියට ඔබෙන් රසිකයන්ට පිදෙන නිර්මාණ මොනවද ?
බොස්ටන් ලංකා අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපේම ගීත නිර්මාණයක් කරන්න. ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොහොමත් ලබන වසරේ ජනවාරි වල මම ලංකාවට එනවා මාස තුනක වගේ නිවාඩුවකට. එතකොට මගේම ගීත දෙකක් කරන්න හිතාගෙන ඉන්නේ.
Rashenka 21st runner up
ඔබ හිතනවද බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටියේදී දක්ෂයාට තැනක් හම්බ වුණා කියලා ?
මුල ඉදලා හිටපු තරඟ කරුවන් 80ම දක්ෂයි. මම හිතුවෙත් නැහැ මට මෙහෙම ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා. අවසන් 5 දෙනාට තේරුණාම දැනුණේ පුදුම සතුටක්. විනිශ්ච මණ්ඩලය නිර්පාක්ෂිකව නිසි තැන නිසි අයට ලබා දුන්නා කියලා මම හිතනවා.
ඇයගෙන් මා දකින ගුණයක් වේ. ඒ දුර්ලභ ලෙස කාන්තාවකට පිහිටන අනිවාර්යෙන්ම කාන්තාවකට පිහිටිය යුතු ලංකාවේ සිරවී සිටින සංකෘතික සම්ප්‍රදායික කාන්තාවන් අනිවාර්යෙන්ම ප්‍රගුණ කළ යුත්තකි. විවාහය, දරුවකු ලැබීම තුල සිරවී නොසිට කොටුවූ පවුල් කුටුම්භයේ සිරකාරියක නොවී තම හැකියාවෙන් පලදායි යමක් කිරීමය. ඇයගේ ජිවිතයෙන් ඔබ අප උකහා ගත යුතු ගති ලක්ෂණය එයයි.
By Ashanthi W.
714385