රට අනතුරට දමන කිසිදු තීරණයක් අපි ගන්නේ නැහැ

MR
සජිත්ගේ ප්‍රතිපත්ති ෆෙඩරල් 
පක්ෂය කැඩුවේ චන්ද්‍රිකා 
ජනතාව මෙවර ඔවුන්ගේ ජාතික ඉටු කරනවා 
 
ජනාධිපතිවරණයට අදාල සියළු ප්‍රචාරණ කටයුතු හෙටින් අවසන් වේ. ඒ අනුව මේ ගෙවෙන්නේ ජනාධිපතිවරණයේ තීරණාත්මක දින තුනකි. එළබෙන සදුදා වන විට අපිට කතා කරන්නට වෙන්නේ මෙතෙක් කාලගොට්ටියක්ව ගෙවුණු මැතිවරණ ය ගැනත් පත්වුණු නව ජනාධිපති ගැනත්ය. එවන් තීරණාත්මක මොහොතකදී අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කෙටි සාකච්චාවක නියැලුණේ ඔහුට කතා කිරීමටවත් වෙලාවක් නොමැති තරමටම කාර්ය බහුලව සිටින වෙලවකදීය.
 
ලොකුම චෝදනාව පවුල් දේශපාලන කියන දේ ?
විවේචන රජකයට අවශ්‍යයි. අපි ඒ අවස්ථාව දීලා තියෙන්නේ. පවුල් දේශපාලන නිසා රටට හානි වෙලා නැහැ. දරුණු යුද්ධයක් වසර 30ක්  තිබ්බා. එතනින් පසු අපි කළ සංවර්ධනය ඉදිරියට ආවනම් කොච්චර දියුණුවක් වෙලාද? ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා වුණේ අපේ යුගයේ.
2010-2015 යුගය මොනදා වුණේ ? අනික අපේ පවුල් දේශපාලන පවුලක්. මගේ පියා ශ්‍රීලනිපයේ නිර්මාතෘ. බාප්පලා සහෝදරයා පුතා මහජනතාවගේ ජන්දයෙන් පාර්ලිමේන්තු ආපු අය. ඩඩ්ලි සේනානායක පවුලත් ඒ වගේ. ජනතාව පිළි ගන්නවා නම් ප්‍රශ්ණයක් නැහැ.
අනික සුදුස්සාට සුදුසු තැන ලබා නොදී එයා රාජපක්ෂ කෙනෙක් වෙනවා නම් ඒ තැන ලබා නොදීම ප්‍රජාත්‍රන්තවාදය නෙමෙයි. පවුලේ අයට බලය හුවමාරු කර ගැනීමට අවශ්‍යත්වයක් අපිට නැහැ. අපි ඉඩ දෙන්නේ ජනතා මනාපයට. ප්‍රජාත්‍රන්තවාදී රටක ජනතාව අනුමත නොකලොත් කිසිවක් කරන්න බැහැ.
චන්ද්‍රිකා මැතිණිය සැහෙන්න දොස් කියනවා ඔබතුමාල ශ්‍රීලනිපය නැති කළා කියලා?
ඔව් ඉතින් ඕක අමුතු දේකුත් නෙමෙයි.එජාපයට හේත්තු වෙලා ශ්‍රීලනිපය කඩන්නේ අපිද එයාද ? ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය සුරකින්න ඇය ගන්න ඕන නැහැ. පක්ෂය කැඩුවේ ඇය තමයි. පක්ෂය කඩාගෙන ගිහිං වෙනම පක්‍ෂයක් හදනකොට පක්ෂය රැක ගත්තේ අපි.බණ්ඩාරනායක මහතා එජාපය යන ගමන වැරදියි කියලයි මගේ පියා එක්ක එකතු වුණේ. එජාපය කඩාගෙන ඇවිත් හදපු පක්ෂය නැවත නැති කරන්නේ ඇය. අපි එතැන නැහැ.. අපි එදා ඉදල ශ්‍රීලංකා ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා.
මෙවර දමිළ ජන්ද ලබා ගැනීම කෙසේද ? 
උතුරේ දේශපාලන තත්වය වෙනස් වෙලා. දමිල ජාතික සන්ධානයට එරෙහිව මිනිස්සු නැගී සිටිනවා.ඔවුන් ඉදිරපත් කළ කොන්දේසි 13 බරපතලයි.ඒ නිසා ඒ ගැන කතා කරන්නවත් අපි කැමති වුණේ නැහැ.නමුත් සජිත් මහත්තයා ඒවා ප්‍රතික්ෂේප කරලා නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවම ඒක පේනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන සිංහල දමිල ඉංග්‍රීසි අනුව අදහස් වෙනස් වෙලා. ඔය ෆෙඩරල් වියස්තාවක් තමයි උතුරට ඔවුන් දීලා තියෙන්නේ. අපි කතා කරන්නේ මාතෘ භුමිය ගැන. රට අනතුරට දමන කිසිදු තීන්දුවක් අපි ගන්නේ නැහැ.
මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කිරීම් සම්බන්දයෙන් ඔබේ රජයට එල්ල වන චෝදනා ගැන මොකද කියන්නේ ?
දැන් නඩු දැම්මා. පරීක්ෂණ කළා. අතරමග නතර වුණා. ඔය පරීක්ෂණ දිගටම කරගෙන ගියානම් අත්අඩංගුවට ගන්න වෙන්නේ යහපාලන ගෙනාපු අයම තමයි. බුද්ධිමත් සමාජය ඕවා කතා කරන්නේ නැහැ.
ඉරිදා වෙනකොට ප්‍රථිපල කොහොම වෙයිද ?
ඒක අහන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් දිනනවා. මැතිවරණ වියාපාරය පටන් ගත්තෙම සියයට 50ක ප්‍රථිපලයක් අතේ තියාගෙන. මේක තමයි මව් බිම බේරා ගන්න තියෙන අවසන් අවස්ථාව. ඒ නිසා ජනතාව මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැහැ. ජනතාව ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරන බව ස්ථිරයි.
ජයග්‍රහණයෙන් පසුව ?
එතකොට මේ ආණ්ඩුව ඉන්න කිසිම සධචර අයිතියක් නැහැ. තත්වය සැලකිල්ලට ගෙන අපේ ආණ්ඩුවක් පිහිටුවන්න නීතිමය පසුබිම බලනවා
By Ashanthi Warunasuriya