ජනපති පොලොන්නරුව සිරිපුර ජනතාව හමුවෙයි

Gota in Polonaruwa
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වුණා.
මෙය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ විසින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් මට්ටමින් සහභාගි වන ජනහමු මාලාව අද පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.
ඒ අනුව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවට ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්වුණි.
එහිදී ජනාධිපතිවරයා ජනතාව සමඟ සුහද පිළිසඳරකද නිරත වුණි.