සජිත් හැර සියල්ලන් ඉවත් කළ UNP සැළසුම

Sajith
By: අශන්ති වරුණසුරිය
පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරන්නේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවය.
සමගි ජන බලවේගයට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. ඊට අදාළ ලිපි ඔවුන් වෙත අද දිනයේ යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කියාසිටියා.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ නම එම ලේඛණයේ නොමැති බවයි වාර්තා වෙනවා