එජාප නායක රණ්ඩුව

download (7)
එජාපයේ නායකත්වය ගැන විවිද මත පල වෙමින් තියෙනවා. ඒ අතර එජාප නායකත්වය සදහා එකිනෙකාගේ නම් දේශපාලන වේදිකාවේ කියවෙන අයුරු බොහොමයක් අතර දයා ගමගේ පෙරට ඇවිත්.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවකදීම තාත්තෙක් වගේ පක්ෂය බලා ගත්තේ තමන් බවද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බවද කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා
කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස යැයිද ඔහු ප්‍රසිද්ධියේ සදහන් කළා.
එවැනිම පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් කරණ ලද ප්‍රකාශයට ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විරෝධය පළ කළා.
ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බව. නවීන් දිසානායක මහතා විසින් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු පවසනවා.
නවීන් දිසානායක මහතා මෑතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන හමුවකදී කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය අවශ්‍ය නොවන බවත්. නායකත්වය ලැබෙන්නේ තමන්ගේ ගෙදර එකෙකුට මිස අල්ලපු ගෙදර එකෙකුට නොවන බවද ඔහු එහිදී පැවසුවා.
 කවුරුන් කෙසේ පැවසුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය නායකත්වය ලේසියෙන් කිසිවෙකුට ලබා නොදෙන බවයි දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ.
By: අශන්ති වරුණසුරිය