රනිල්ගේ නායකත්වය ගැන එජාපයේ ප්‍රශ්නයක් නැහැ

ranil-wickramasinghe 2
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස්
ආර්ථිකය ගොඩ දාන්න එජාපයට පුළුවන් කියන එක තව දුරටත් වලංගුද ?
පැහැදිලිවම ඔව්. අපිට විතරමයි ඒක කරන්න පුළුවන්.
මහින්දලා ඉල්ලන තුනෙන් දෙකේ බලය ඔවුන්ට හම්බ වෙයිද ?
නැහැ. බහුතරයක් හම්බ වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. අපිත් ඉල්ලන්නේ බහුතරය. තුනෙන් දෙකක් කාටවත් ගන්න බැහැ.
එජාපයට මන්ත්‍රීධුර කියක් විතර හම්බ වෙයිද ?
බහුතරයක් බලාපොරොත්තු වෙනවා. බලමු. ජන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න අය ඕන තරම් මට ඉන්නවා. මම රටට කියන්නේ මගේ වැඩ පිළිවෙල. ඒක පිලිගන්නවා නම් අපිට ජන්දේ දෙන්න. කොච්චර ප්‍රශ්න තිබුණත් මම අත ඇරියේ නැහැ. අපේ යුතුකම ජනවරම අනුව ක්‍රියාකරන එක.
ඔබේ නායකත්වය තව දුරටත් තිබෙන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවද ?
ඔව් ඒ ගැන ප්‍රශ්න නැහැ. අපි රටේ ප්‍රශ්න විසදපු අය මිසක් රටේ ප්‍රශ්න වැඩි කල අය නෙමෙයි.
හිටපු ජනාධිපති කිවුවේ ඔබ එක්ක වැඩ කරන්න බැහැ ඔබ කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ කියල …
19වන සංශෝධනය යටතේ රටේ පාලනය තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යවරුන්. එතුමා සමහර තැන් වල එතුමාට ඕන විදියට ක්‍රියා කළා. කාටවත් කැබිනට් මණ්ඩල තීරණ නැතුව වැඩ කරන්න බැහැ.
පක්ෂයේ දෙවන පෙළකට ඉඩක් හැදිලද ?
ඔව් ඒක ශක්තිමත්. පසුපස සිටි සමහට මන්ත්‍රීවරුන් දැන් වගකීමක් අරගෙන ඉදිරියට ඇවිත්. සමහර ප්‍රදේශ වල මන්ත්‍රී නොවන අය පවා වගකීම් ගෙන ක්‍රියා කරනවා.
අශන්ති වරුණසුරිය