එජාපය දෙකඩ වන ලකුණු

ranil sajith
රනිල් අලියා ලකුණින්ද ,සජිත් දුරකථනය ලකුණින්ද මහමැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු සුදානම් කරමින් පවතින බව Boston අපට වාර්තා වනවා
එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.
පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.
සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් අප මේ ගැන රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කල විමසීමේදී ඔහු සදහන් කලේ ලකුණ පිළිබද ගැටළුව ඉදිරි දින දෙන තුන විසදෙන බවත් එජාප කණ්ඩායමේ විවිධ අදහස් ද ඒකමතික තැනකට නුදුරේදී එන බවත්ය. සියල්ලන්ම එකමුතුව මැතිවරණයට මුහුණ දීමේ වටිනාකම සියල්ලෝම තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය