මන්ත්‍රීවරුන් 7කට නඩු.

1544579537-Sri-Lanka-parliament-scuffle_L

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවල ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරු 7දෙනෙකුට එරෙහිව අධිකරණ හමුවේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

එම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනෙක් මන්ත්‍රිවරු පනස් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමක් සිදු නොකෙරෙන අතරඔවුන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මඟින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

මෙම ගැටුම්කාරි සිද්ධි  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 22 වැනිදා කථානායක කරූ ජයසූරිය මහතාට බාර දෙනු ලැබුවා.

එම වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුටඑක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනූව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීරජෝන්ස්ටන් ප්‍රනාන්දුපද්ම උදයශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරු තිදෙනාට පොලිස් රාජකාරියට බාධා කිරීමපොලිස් නිලධාරීන්ට අතින් පයින් හා පුටුවකින් පහර දී තුවාල සිදුකිරීම සහ පාර්ලිමේන්තු සභා ඝර්භය තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාට සභා ගර්භයට පිහියක් රැගෙන ඒම සහ සාපරාධි බිය වැද්දීම යටතේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

පොදු දේපලක් වන කථානායක මේසය මත ඇති මයික්‍රෆෝනය කඩා විනාශ කර රුපියල් තුන්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමට අද පැවති පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී තීරණයකට එළැඹ තිබෙනවා.