bbb
අද දින (12) විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බංඩාරනායක සහ ලක්ශ්මන් සෙනෙවිරත්න යන මන්ත්රීවරුන් 3දෙනා ශ්රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආන්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගනු ලැබුවා.
මෙහිදී කථානායකවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස පත් කර ඇතිබවයි.
මෙයට විරෝධය පළ කරමින් සභානායක ලක්ෂ්මණ් කිරිඇල්ල කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුට විපක්ෂ නායක ධූරය දැරිය නොහැකි බවයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව නැවත හෙට (19) දිනට කල් යවන ලදී.