ID
මෙම නව වැඩපිළිවෙලේ පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිත අතර, දෙසැම්බර් මස 17 වන දින පටන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී එම පළාත්වල ජනතාව උක්ත ප්‍රමිතියට අනුව ඡායාරූප ලබා ගත යුතුයි.
ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization) ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් තීරණය  කර තිබේ.
 මෙම ක්‍රමවේදයට අනුව ඡායාරූපය ඉල්ලුම්කරු වෙත ලබා නොදෙන අතර යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR  code සහිත ඡායාරූපය මුදු්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
 අදාල ඡායාරූපය වලංගු වන්නේ එය ලබාගත් දින සිට මාස හයක් පමණි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූපගාර මගින් පමණක් මෙම ඡායාරූප ලබාගත් හැකි අතර ඒ පිළිබඳ විස්තර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශාඛා  කාර්යාලයෙන් දැනගත හැක.