POLITICAL NEWSnn
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනිකුත් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ  මෙම සර්ව පාක්ෂික රැස්වීම පැවැත් වුණා.
කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික රැස්වීමට පැමිණිම කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබුණි.
සර්ව පාක්ෂික රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබේන බවත් අවශ්‍ය නම් එය දිව්රුම් පෙත්සම් මගින් හෙට උදැසනට ජනාදිපතිවරයාට පෙන්විය හැකි බවත්ය. එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේදී කටයුතු කරමින් අවසන් තීන්දුවකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, හෙට උදෑසන 11ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.