13 (2)
තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු අද දින උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.
කැබිනට් අමාත්‍යවරුන්,
බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරුන්,
සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා  – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
එමෙන්ම අමාත්‍යාංශ තුනක් සඳහා පත් කළ නව ලේකම්වරු ද අද පෙරවරුවේ  ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා ඉදිරියේ සිය පත්වීම් ලිපි ලබා ගත්තා.
ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළද හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය