ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

Bond-Commission
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත්කළ ජනාධිපති කොමිෂමේ සාක්ෂි විභාග ඊයේ (17) අවසන් විය. 
 
මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් අගමැතිවරයා කොමිෂම හමුවට කැදවන බව කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත‍්‍රසිරි මහතා ඊයේ පැවසීය.
 
කොමිෂම හමුවේ අවසානයට ඊයේ සාක්ෂි දුන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස්ගේ පුද්ගලික ලේකම් ස්ටීල් සැමුවෙල් ය.
 
මේ අතර මීට පෙර බැදුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දුන් අනිකා විජේසුරිය නැමැත්තියට හිටපු මුදල් ඇමැතිවරයාගේ සමීපතමයෙකුගෙන් මරණ තර්ජන එල්ල වන බව පවසමින් ඇය විදෙස්ගතව ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂම හමුවේ සදහන්කලේය.
දේපල වෙලදාම් සමාගමක අධ්‍යක්ෂක ධූරයක්ද හෙබවූ ඇය එම සමාගමේ ඔවුන්ට අයත් 63.9% ක් වූ කොටස් කොටස් වෙලදපොලේ විකුණා දැමීමට ද පියවර ගෙන තිබේ. 
 
පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස් රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් මහල් නිවසක් කුළි පදනම මත ගෙන එය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට ලබාදුන් බවට බැදුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දුන්නේ අනිකා විජේසූරියයි. 
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටි. චිත‍්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජිව ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමී වේලූපිල්ලේ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පත්කෙරුණු මෙම කොමිෂමේ කාලය මාස තුනක් වුවද එම කාලය ඇතුලත කොමිෂමේ කටයුතු අවසන් කිරිමට නොහැකි වීම හේතුවෙන් අවස්ථා දෙකකදී කොමිෂමේ කාලය දිර්ඝ කිරීම පියවර ගෙන තිබිණි