එළඹෙන දෙසැම්බරයේ ඡන්දය තියන්න පුළුවන් – මහින්ද දේශප්‍රිය

mahinda-deshapriya-

පළාත් පාලන මැතිවරණ පනත සම්මත වීම හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව එළඹෙන දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

දෙසැම්බර් මාසයේ දී මැතිවරණය පවත්වන්නේ නම් එය දෙසැම්බර් නව වැනිදා පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.

ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වන 360 වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  මේ බව සඳහන් කෙළ්ය.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.