ජනපති GMOA සමග කිසිදු සාකච්ඡාවකට එකග නැහැ – රාජිත සේනාරත්න

rajitha-senaratne_2

ජනාධිපතිවරයා, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැතැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

වෛද්‍ය සභාව, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සමග මිස වෘත්තිය සමිති සංගමයක් සමග සාකච්ඡා කිරීම ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ බවද හෙතෙම කීය.

වෘත්තිය අරමුණු පසෙකලා දේශපාලන කටයුතු වල යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීන්දු තීරණ රටේ සමස්ත වෛද්‍යවරුන්ගේ මතය නොවේ යැයි පැවසූ අමාත්‍යවරයා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරකම් වලට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දැන් දැන් වෛද්‍ය සංගම් නැගී සිටින බවද පෙන්වා දුන්නේය.

එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල මිස සයිටම් විශ්ව විද්‍යාලය ජනසතු කිරීමක් පිළිබද සදහන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඇති නොවූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් මෙතෙක් ගෙන නොමැති හෙයින්  ඉදිරියේදී ඒ පිළිබද දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද නුදුරු දිනෙක ගැසට් කරන බව අමාත්‍යවරයා පැවසීය. නිතර ඇති වන වෛද්‍ය වැඩ වර්ජන නිසා විදේශ වෛද්‍යවරුන්  ගෙන්වීමට යෝජනාවක් ඇතත් තීරණයක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.