අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියානු නිල සංචාරයක

Ranil-Wickremesinghe

යෝජිත ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම සදහා අද දිනයේ (26) ඉන්දියානු සංචාරක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිත බව  සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

මෙම ඉන්දු ලංකා ගිවිසුම සදහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය රජයට  බදු
දීම ඇතුළු වෙනත් කරුණු 10ක් ඇතුළත් බවද ඒ මහතා සදහන් කළේය. ගිවිසුමේ ඇතුළත් එම කරුණු සදහා මෙම සංචාරය ඇතුළතදී අත්සන් නොතැබෙන බවත් ඒ ඒ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විෂයභාර අමාත්‍යවරුන් අත්සන් තබනු ඇති බවත් හෙතෙම පැවසීය.

අද ( අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ
මහතා මේ බව සදහන් කළේය.

මෙම ගිවසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ෂව විරෝධතා පල කළත් ත්‍රිකුණාමලයේ
තෙල් ටැංකි වසර 50කට පමණක් බදු දීම පමණක් මෙම ගිවිසුම ප්‍රකාරව සිදු වන
බව පැවසූ අමාත්‍යවරයා වල් වැදී ප්‍රයෝජනයක් නොගෙන මෙම තෙල් ටැංකි තබාගෙන ඇත්තේ පුරාවස්තු ලෙස රැකගෙන  වන්දනාමාන කිරීමට දැයි ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මෙම ගිවිසුම සකසා ඇත්තේ මෙරටට වැඩි වාසි අත්වන ලෙසින් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.