හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් රජයේ කිසිම තනතුරක් දරන්නෙ නැහැ: රාජිත

Arjuna-Mahendran-

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පියවරක් ගැනීම රජය මෙතෙක් කල් දමා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් වන විමර්ෂණ වාර්තා ලබෙන තුරු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුලු විමර්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබද තීරණය කරන බව හෙතෙම අවධාරණය කලේය.

එසේම අර්ජුන් මහතා රජයේ කිසිදු තනතුරක් නොදරන බවත් තනතුරක් දරන බවට ඇති චෝදනා අසත්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (පෙබ 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.