Fake News: ලාංකිකයින්ට වීසා රහිතව අමෙරිකාවට යන්න පුළුවන්ලු

usa

තවමත් ලෝකෙ වටේම ආන්දෝලනයට ලක් වෙන අමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් ලාංකිකයින්ට වීසා රහිතව අමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා කියලා රාවයක් වයිරස් එකක් වගේ ඉතා වේගයෙන් පැතිර යනවා.

cvr-7

ඔහු තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් මේ අවසරය ලබා දීලා තිබෙන පුවතක් ලෝකයම ගිනි තියලා තියෙන්නෙ Usa Television නම් වෙබ් අඩවිය. ඒ ආරංචියේ හැටියටනම් ව්‍යාපාරික හා සංචාරක අරමුණු වෙනුවෙන්  උපරිම දින 180කට යටත්ව වීසා නැතුව අමෙරිකාවේ ඉන්න පුළුවන්ලු.

දින 180ට වැඩි නම් වීසා ගන්න අනිවාර්යයිලු.

හැබැයි මුස්ලිම් රටවල් සමඟ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කියලා තමයි ඒ වෙබ් අඩවිය සදහන් කරන්නේ.

මේ නිසා   ඕස්ට්‍රේලියානුවන්ට මෙච්චර කල් වීසා රහිතව අමෙරිකාවට එන්න තිබුන අවස්ථාව අද ඉඳලා  අඩුවෙයි කියලත්  Usa Television නම් වෙබ් අඩවිය සදහන් කරනවා.

නමුත් මාධ්‍ය විසින් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්්‍යාලයෙන් කළ විමසීම් හරහා දැන ගන්න ලැබුණේ මේක සම්පූර්ණ බොරු ආරංචියක් කියලා.

මේ වෙනකොට මේ පුවත පුවත ලෝකයම පුරාම පැතිරිලා.  මේ වගේ අසත්‍යය ප්‍රචාර ලොව පුරා සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙවැනි පුවත් ගැන නිසි සොයා බැලීමක් නොකර විශ්වාසයට ගන්න එකනම් ඉතාම භයානකයි.

මාධ්‍ය සදාචාරයේ කිසිදු වගකීමක් නැතිව මෙවැනි පුවත් පළ කරන වෙබ් අඩවි ගැන කව්රු කව්රුත් විමසිල්ලෙන් හිටියොත් ඇගට ගුණයි.