සයිටම් විරෝධතා පා ගමන උණුසුම්කාරී තත්ත්ව මධ්‍යෙය් විසුරුවා හරී

medical school protest

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට විරෝධය පළ කරමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්ව විද්යා්ල ශිෂ්‍ය බල මණ්ඩලය 03වනදා  කොළඹදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

බොරැල්ල පොලිසිය  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අදිකරණය දන්වා සිටියේ කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන එම උද්ඝෝෂණය හේතුවෙන් මහජනයාට පීඩාවක් ඇති විය හැකි බවයි. ඒ අනුව අදාල උද්ඝෝෂණ හේතුවෙන් මහජන පීඩාවක් සිදුවීම වලක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අනුර දිසානායක මහතා නියත ආඥාවක් නිකුත් කළ අතර එම ආඥාව උල්ලංගනය කරන ඕනෑම අයෙකුව කරුණු පැහැදිලි කිරීමකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්රාහත්වරයා බොරැල්ල පොලිසියට නියෝග කළා.

කොටුව මහේස්ත්රාෙත් අධිකරණය ද උද්ඝෝෂණයට අදාලව තහනම් නියෝගයක් නිකුත් කළේ කොටුව පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. මෙවැනි පසුබිමක වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පා ගමන අද දහවල් කොළඹ වෛද්ය  පීඨය අසලින් ආරම්භ කෙරුණා. ඔවුන් පුංචි බොරැල්ල මංසන්ධිය මරදාන ටෙක්නිකල් මංසංධිය පසු කරමින්  කොටුව දෙසට පැමිණි අතර ලෝටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගත්තා. එම මාර්ගයේ පොලිසිය මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් පොලිසිය හා සිසුන් අතර ඇති වූයේ අතිශය උණුසුම්කාරී තත්ත්වයක්.

එහිදී පිරිස උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර දැඩි ප්‍රයත්නයකට පසු තත්ත්වය සමනය කිරීමට සමත් වුනා.