මේක පක්ෂග්‍රාහී ජයක් නෙවෙයි! සියලු පක්ෂවලට අයිති ජනතාව ලැබූ ජයක් :රන්ජන්

ranjan-ramanayake

නියෝජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතා සහ  ප්‍රෙද්ශීය ලේකම්වරික අතර ඇති වූ දුරකථන සංවාදයක් මූලික කරගනිමින් ආන්දෝලනයකට දුන් දිවුලපිටිය අකරගම ප්‍රෙද්ශයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය පස් කැපීම මේ වනවිට තහනමට ලක් කර ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදු කළ විමර්ශනයකින් අනතුරුව  නැවත දැනුම් දෙන තුරු අදාල ස්ථානයේ පස් කැපීම තහනම් කර ඇති අතර පස් කැපීමට ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා ද මේ වන විට කළුතරට මාරු කර යවා ඇති බව වාර්තා වේ. මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍ර හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ පියා බවද වාර්තා  වෙයි.

තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසටත් ප්‍රාෙද්ශීය ලේකම්වරියගෙන් සමාව අයැදිය යුතු බවටත් විවිධ පිරිස් වෙතින් එල්ල වූ අභියෝග මැද මේ ලැබූ ප්‍රතිඵලය පක්ෂග්‍රාහී  ජයක්ද නැතහොත් සැබවින්ම  ජනතාවාදී අරගලයකින් ලද ජයක්ද යන්න බොස්ටන් ලංකා අපි කළ විමසීමකට රන්ජන් රාමනායක මහතා අදහස් පළ කළේ මෙලෙසින්.

“මට මෙතනට ආරාධනා කළේ ජේවීපී එකේ සෙනෙවිරත්න කියලා මහත්මයෙක් ඇතුළු ගරුතර මහා සංගරත්නය. ඒ වගේම යූ එන්පී, ශ්රී් ලංකා වැනි පක්ෂ රැසකට අයිති ජනතාව මේ පරිසර සංහාරයෙන් අගතියට පත් වෙලා තිබුණා. පන්සල්වලට වතුර නැතුව කුඹුරුවලට වතුර නැතුව ඔවුන් අර්බුදයකට මුහුණ පා සිටියා. ඒ ප්රෙලද්ශයේ පාර්ලිමේන්තු මන්ත්රීතවරයා මව පියා සහ ඥාති සහෝදරයා යන පිරිසක් තමයි මෙම සංහාරයට මූලිකත්වය ගෙන තිබුණේ. ඒ පස් කැපීමේ පර්මිට්වල අයිතිකරුවන් වී තිබුණේ ඔවුන්. එියලුම පක්ෂවලට අයත් මහජනතාවයි මෙහිදී ජයග්‍රහණය කළේ.”

මෙම සිද්ධියෙන් අනතුරුව මෙරට රාජ්යේ සේවය සහ රාජ්ය  සේවකයන් සම්බන්ධයෙන් ඔහු මෙතෙක් දැරූ දැක්ම වෙනස් වී ඇත්ද කළ විමසීමට අදහස් පළ කරමින් පවසා සිටියේ තමාද රාජ්ය් සේවකයෙක් බවයි. එහිදී සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සිහිපත් කරමින් ඔහු පවසා සිටියේ මෙරට එවැනි හොද රාජ්ය  සේවකයන් නැතැයි තමා කිසිසේත් අදහස් නොකරන බවයි.

“පොට්ට නවුfර්ගෙ කුඩු සිද්ධිය සම්බන්ධයෙන් දීපු නඩු තීන්දුව නිසා අපරාධකාරයො සරත් අඹේපිටිය මහත්මයව වෙඩි තියලා මරලා දැම්මා. මමත් රාජ්යප සේවකයෙක්. මේ රටේ නියම රාජ්යට සේවකයො ඉන්නවා. රාජ්යා සේවකයන් පඩි ගන්නෙ ජනතාවගෙ බදු මුදල්වලින්. ඒ නිසා ඔවුන්ට ලොකු වගකීමක් තිබෙනවා ජරාව නොකන රාජ්ය් සේවයක නිරතවීමට. මොන සේවයේත් හොද අය ඉන්නවා නරක අය ඉන්නවා. නරක අයට ඉඩ දීලා බලන් ඉන්නෙ නැතුව ඔවුන්ව නීතිය ඉදිරියට ගේන එකයි කරන්න ඕන. මේ සිද්ධියට අදාල අකටයුතුකම් කළ අය ගැන මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මම මෙතනින් නවතින්නෙ නැහැ. අපි මෙතන්ට ආවෙ පින් බත් කන්න නෙවෙයි. ජනතාවට සේවය කරන්න. මුතුරාජ වෙල ප්ර ශනෙත් අපි මේ වනවිට ජයග්රඅහණය කරලා තියනවා. ඉස්සරහටත් මැදපෙරදිග ප්රැශ්න, විල්පත්තු ප්රිශ්න වැනි ජනතාව පීඩා විදින ගැටළුවලට ඉදිරියට ඇවිත් කතා කරනවා. ගොඩක් දේශපාලකයන්ට මෙතන්ට එන්න බැරි ඔවුනුත් ඒවාට සම්බන්ධ නිසා. මට එවැනි කිසිදු බලපැමක් හො ගැටළුවක් නැති නිසා ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙන්න පුළුවන්.”