අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගි වූවන් ඉලක්ක කර සිතාමතා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව සඳහන්.

වෙඩික්කරු රයිෆලයක්, ෂොට්ගන් සහ පිස්තෝලයකින් සන්නද්ධව සිට ඇති අතර, ඔහු දේවස්ථානයේ ජනේල හරහා වෙඩි තබා තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් අනතුරුව ඔහුද තුවක්කුවකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරගෙන ඇත.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ළමුන් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි….

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.

1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.

අමෙරිකාවේ ස්ථිර පදිංචියට නව Gold Card ක්‍රමවේදය හඳුන්වාදෙයි

අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව ඩොලර් මිලියන 05ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

‘Gold Card’ ලෙස නම් කර ඇති මෙම ක්‍රමවේදය සඳහා මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වෙන්නේ.

රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම Gold Card ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඇමෙරිකාවේ ලැව් ගිනි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව හමන දැඩි සුළං ධාරා හමුවේ ඉදිරි දින කිහිපයේදී එය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම ලැව්ගිනි හේතුවෙන් පැලිස්ඩේස් ප්‍රදේශයේ අක්කර 23,000 කට අධික භූමි ප්‍රමාණයක් ද, ඊටන් ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 14,000 කට අධික භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බවද සඳහන්.

රනිල් – චන්ද්‍රිකා සහ ජූලි චැංග් මාතර කලා උළෙලට එක්වේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ

ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි.

ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.

ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.

මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබීය.

Mathara_2024.02.03

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර ගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන හා මහාචාර්ය ජගත් වීරසිංහ ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර විසිනි.SDW_5916

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර ගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන හා මහාචාර්ය ජගත් වීරසිංහ ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර විසිනි.

Mathara_12024.02.03

ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහ ගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා  වැඩසටහනක් මෙය සමන්විතය.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.

කලා උළෙල නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ජනාධිපතිවරයා සුහද කථා බහකට එක්විය.

මාතර කලා උළෙලට සහභාගීවීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද සොයා බැලීය.

Mangala_mathara_2024.02.03

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම,  එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mathara_Art_2024.02.03 (1)

Mathara_Art_2_2023.02.03

 

100,000 doses of the Pfizer vaccine: From USA to Sri Lanka

Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.

“As the pandemic continues and new variants emerge, it is critical we work together to vaccinate as many people as possible, as quickly as possible,” said Alaina Teplitz, the U.S. Ambassador to Sri Lanka and Maldives. “This donation of FDA-approved Pfizer-BioNTech vaccines comes at no cost and represents the United States’ continuing commitment to the health and prosperity of the Sri Lankan people.”

This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16.  As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world.  COVAX has already delivered 209 million vaccines to 138 countries.  The U.S. is its largest single contributor

Sri Lanka receives 1.5 million doses of COVID-19 vaccines donated by the USA through COVAX

President Gotabaya Rajapaksa in a twitter message this morning (16 July) said “Grateful to the US government and the American people for generously donating 1.5 Mn Moderna vaccines through the COVAX program to Sri Lanka. Together we shall reach our common goal of beating this pandemic”.

The President’s tweet followed the arrival earlier today of a stock of 1.5 million doses of the Moderna COVID-19 vaccines, donated by the USA, and made available through the COVAX facility of the World Health Organization (WHO). The consignment was handed over to Health Minister Pavithra Wanniarachchi, by US Ambassador to Sri Lanka Alaina Teplitz at Katunayake.

In a tweet announcing the donation US Secretary of State Blinken tweeted “The United States is proud to lead the global fight against COVID-19 by sharing 1.5 million Moderna vaccine doses with our Sri Lankan friends. We are committed to vaccinating as many people as possible to save lives, rebuild the global economy and stop the threat of new variants”.

Responding to it, Foreign Minister Dinesh Gunawardena was to observe “On behalf of the GOSL & our people, I thank US Govt for donating 1.5 mn Moderna vaccines to Sri Lanka. Greatly appreciate US commitment & efforts in eradicating global pandemic & saving lives”.

The US decision to make available COVID 19 vaccines as donations to needy countries was first announced by President Biden on 26th April 2021. The Sri Lanka Government which made known its interest in benefitting from this generous gesture early, has through its Embassy in Washington D.C., in coordination with the Sri Lanka State Pharmaceuticals Cooperation (CPC), been in discussion with the relevant US administration partners and vaccines manufacturing companies in facilitating the donation to Sri Lanka.

US aid

ඇමරිකානු තානාපතිනිය සහ සම්පන්ධන් අතර හමුවක්

දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ද මෙහිදී සාකච්ඡාවට භාජන වී තිබේ.

US stands with Sri Lanka in Commitment to Counter Terrorism

The United States today said that it stands with Sri Lanka in the commitment to counter terrorism.
In a statement to mark the one year anniversary of the Easter Sunday attacks, US Secretary of State Mike Pompeo said that the malicious attacks targeted churches and hotels, places where people had gone to worship and to enjoy time together on a holiday.
“We remember the more than 250 victims of these ISIS-inspired attacks, including five U.S. citizens, and extend our deepest condolences to their families and friends,” he said.
He also said that the US stands in solidarity with the survivors of the brutality, and pray for their healing.
“Just as the Government of Sri Lanka works to hold those involved to account, the United States will not rest in its pursuit of justice for those who commit such atrocities,” he said.
Pompeo said that together with their Sri Lankan friends and partners, the US reaffirms its shared commitment to countering terrorism while respecting civil liberties, to ensuring sustainable development for all, and to freedom of religion and belief that supports mutual respect.

US donates protective gear to Sri Lanka to fight COVID-19

U.S. Ambassador to Sri Lanka Alaina B. Teplitz presented a donation of Dupont Tyvek coveralls, nitrile gloves, heavy duty work gloves, boot covers, and cleaning supplies to Major General (Rtd) GA Chandrasiri, Chairman of the Civil Aviation Authority of Sri Lanka, at Bandaranaike International Airport on behalf of the American people.

The equipment will help protect airport personnel and prevent the spread of COVID-19.  The donation is part of U.S. efforts to assist Sri Lanka.

“We stand in solidarity with Sri Lanka as both our countries battle this global pandemic,” said Ambassador Teplitz.  “Whatever the challenges, we’re ready to face them with Sri Lanka.”

The United States has pledged to spend up to $100 million in existing funds to combat the COVID-19 internationally, demonstrating continued U.S. leadership in the global fight against infectious diseases.

“This commitment – along with the hundreds of millions generously donated by the American private sector –demonstrates strong U.S. leadership in response to the outbreak,” U.S. Secretary of State Michael R. Pompeo said when he announced the assistance.
In February, U.S. organizations donated more than 2 million respirator masks, 11,000 protective suits and 280,000 pairs of nitrile gloves to China, where the virus originated.