මාර්තු මාසයේ සංචාරකයින් 125,000 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණෙයි

මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින් 335,679 ක් පැමිණ ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

2023 වසරේ මුල් මාස කිහිපයේ සංචාරක පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

2023 මාර්තු මාසයේ මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 105,714 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 315,898 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

7a4719085f43e46932d46ec2f6fe7d3b

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි

ගත වූ පෙබරවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 107,639 ක පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව එය 2022 පෙබරවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම්වලට වඩා 11.5% ක වැඩිවීමක් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම 2023 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 210,184 ක් ලෙස වාර්තා වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සංචාරකයෙකුට සෙරෙප්පුවෙන් ගැසූ තරුණයා පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ ඇල්ල ප්‍රදේශයේ දුම්රියේ ගමන් කරමින් සිටි සංචාරකයෙකුට සෙරප්පුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවේ සිටි තරුණයා ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරවෙල පොලීසිය මඟින් ඊයේ (22) දිනයේ කළ විමර්ශනයකින් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු විසින් මෙලෙස සෙරප්පුවෙන් පහර දී තිබුණේ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටින විදෙස් සංචාරක කාන්තාවකටයි.

ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

00f2e79203644b3f0e7e1851ef77dbef

සංචාරකයින් සඳහා නැවත වරක් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා. එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ නිවේදනයේ සඳහන් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් මත සෞඛ්‍ය අමාත්‍යං‍ශයේ මඟ පෙන්වීම යටතේ මෙම ක්‍රියාවලිය සිදුවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

60ad1869dd2dd0b6351df0ef77822042

US helps convert Arugam Bay into a green tourist destination

The US Government is helping make Arugam Bay a sustainable, green tourist destination. Through an initiative called “Waste Less Arugam Bay,” sponsored by the U.S. Agency for International Development (USAID), the project provides free drinking water at refill stations, recycles plastic bottles, and promotes the benefits of reducing plastic waste.

In Arugam Bay alone, since April 2018, more than 230,000 bottles have been mitigated from entering landfills or the ocean.The website www.getwater.lk details the 35 locations of water refill stations across Sri Lanka.

“Reducing plastic waste not only preserves the beauty of Sri Lanka’s oceans and waterways for future generations but protects the livelihoods of people and promotes tourism during a downturn,” said U.S. Ambassador to Sri Lanka Alaina B. Teplitz.  “It means fishermen can count on a decent catch, communities can access locally-made recycled goods and most importantly tourists can visit pristine beaches.”

Under the program, local businesses in Arugam Bay have received bins to separate plastic bottles from other waste, and each day, a vehicle collects and transports plastic bottles to a facility where they are turned into 100 percent recycled plastic polyester yarn, reducing the need for new plastic in polyester production.

Community outreach and education is key. Visitors and locals learn about the potential harm of plastics to the environment and human health and ways they can help reduce waste.The USAID Municipal Waste Recycling Program works with partners throughout Sri Lanka to reduce marine environment degradation caused by plastic and polythene waste.

සංචාරකයන් ඡායාරූප ගැනීමට වැඩියෙන්ම කැමති නගරය කොළඹ බවට ලොව ප්‍රකට හුවාවි ජංගම දුරකතන සමාගමෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ වන විට තහවුරු වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවූ ඡායාරූප හා සටහන් ලක්‍ෂ 13 ක් සලකා බලමිනුයි හුවාවි සමාගම මෙම අධ්‍යයනය  සිදුකර ඇත්තේ .

මේ අනුව කොළඹ නගරය 2019 වසරේදී ඡායාරූපයක් ගැනීමට ඉතාම සුදුසු සංචාරක ස්ථාන අතුරින් ප්‍රථම  ස්ථානයට පත්වී තිබෙනවා.

එහි දෙවැනි තැන ජපානයේ යොකෝහමා නගරයටත් තෙවැනි තැන උගන්ඩාවේ මිගහින් ගෝරිල්ලා ජාතික වනෝද්‍යානයටත් හිමි වී ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

ලෝකයේ සෙසු නගර අභිබවා ඉදිරියට පැමිණි සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තවත් පරම්පරා රැසකට උරුම කරදෙන්නනට නම් එහි සුන්දරත්වයට හානි නොවන සේ එහි රසය විඳගන්නට කටයුතු කරන ලෙස බොස්ටන් ලංකා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා

45507504_311114276169908_4554528172649102290_nColombo Colombo-8 colombo-sri-lankafrom-colombo-cityimage_1495638794-0039c7afafNelum_Pokuna_(Lotus_Pond)_Mahinda_Rajapaksa_Theatre