සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගේ සහය රනිල් වික්‍රමසිංහට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා.

ඒ අනුව අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘එක්ව ජයගමු’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට ඔහු සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීගේ සහය විජේදාස රාජපක්ෂට

මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මීට මාස කීපයකට පෙර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා පත්කරගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා – බන්දුල

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රට බේරගන්නා ජාතික වැඩපිළිවල ක්‍රියාත්මක කර ඔප්පුකර ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පක්ෂ පාට කුමක් වුවත් උපන් රට බේරා ගැනීමට ජාතික න්‍යාය පත්‍රයක් සාදා ජාතික වැඩපිළිවලක් ඇති නායකයා වෙනුවෙන් තමන් වැඩ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා ගන්නවා – සාගර කාරියවසම්

2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ අනුව දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ.

මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි – කොමිෂන් සභාවේ සභාපති

මැතිවරණයට අදාළ නීති රීති අද (26) සිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියා මාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ නීතිවලට පරිබාහිරව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකියි – අගමැති

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති බවද, තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවද, එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර, වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි ෙපෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

22 වන සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ගාමිණී වලේබොඩ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ඒ අනුව හෙටට එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර දින 7 ක් සම්පූර්ණ වන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඉන්පසු සති කිහිපයක අධිකරණ කටයුතුවලින් අනතුරුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කර ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා තමන්ටද ඡන්දය ලබාදීමට සිදුවන බවත්, පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකටද යා යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ඔහු සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි එම X සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

66a1e17b55310

අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.-නාමල් රාජපක්ෂ ….

අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.පක්ෂය තීන්දු කරන කෙනා තමයි අපේක්ශකයා නාමල් රාජපක්ෂ අද දින පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ විජේරාම නිලනිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය මගින් මතුකල ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
අද දින මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , කැන්වසින් යාමට පටන් ගැනීම වැනි දෑ ගැන සාකච්ඡා කලා. අද දින පොහොට්ටුවේ අපේක්ෂකයා පිලිබඳව සාකච්ඡා කලේ නැහැ. ඒ පිලිබඳව සාකච්ඡා කල යුතු වන්නේ දේශපාලන මණ්ඩලයයි. මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කලාට පසු අපිට ගැලපෙන රටට ගැලපෙන අපේක්ෂකයකු අපි තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනෙක් විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුල අපේ පක්ෂයට තිබෙන නැන පිලිබඳව අපි තීරණය කල යුතු වෙනවා. අපි එල්ලිලා දේශපාලනය කරන්න කැමති නැහැ.
වර්ථමාන ජනාධිපතිතුමා ගැන සමහරු ඉරක් ඇදගෙන ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා එක්ක ගමන යනවා. අපි තීන්දු ගන්නේ පක්ෂයක් විදිහට මිසක් පෞද්ගලිකව නොවෙයි. ඒ නිසා අපි පෞද්ගලිකව ඉරි ඇදගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නවා. අපි හිතනවා ඒ අවස්ථාවේ දී පක්ෂය අපි වෙනුවෙන් හිට ගනී කියලා.
ජනාධිපතිතුමා සමඟ තිබුණ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට මම සහභාගී වුනේ නැහැ. කමිටු පත් කරනවා . අද නැහැ කියනවා. හෙට නැහැ කියනවා. ජනාධිපතිවරණ ගැසට්ටුව අද ගහනවා. හෙට ගහනවා කියලා කියනවා. ලබන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරවනවා කියලා ප්‍රචාරයක් යනවා . ඒ වගේ කටකතා ප්‍රචාරය වෙනවා. අපි කටකතා විශ්වාස කල යුතු නැහැ. අපි විශ්වාස කල යුතු වන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයයි. ඉදිරියට ඒමට නියමිත වන්නේ ජනාධිපතිවරණයයි. අපි ඒකට සූදානම් විය යුතුයි.

ප්‍රශ්ණය – නාමල් මන්ත්‍රීතුමනි , ඔබතුමාට අගමැතිකම දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කථා කලාද ?

පිලිතුර – අගමැතිකම දෙන්න පුද්ගලයින්ට කථා කරලා වැඩක් නැහැ. ඒකට පක්ෂය සමඟ තමයි කථා කරන්න ඕනේ. පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත් කර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කල යුතු වෙනවා. මම පැහැදිලිව කියනවා මම පුද්ගලයින් හම්බ වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. මගේ පියා මට උගන්වලා තියන දේශපාලන තමයි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා . මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි සාකච්ඡා කරනවානම් පක්ෂ සමඟ තමයි සාකච්ඡා කරන්නේ. පුද්ගලයින් හමුවෙලා අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ. .

ප්‍රශ්ණය – ඔබතුමාට අගමැතිකම දුන්නොත් භාර ගැනීමට සූදානම් ද ?
පිලිතුර – අපි එලියෙන් අපේක්ෂයකු ගේනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයෙන් අපේක්ෂයකු ඉදිරිපත් කරනවා නම් දේශපාලන මණ්ඩලය එම තීන්දු තීරණ ගනීවි. එම තීන්දු තීරණ පුද්ලගලයන් ගත යුතු නොවෙයි.

අපේක්ෂයකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනගේ බෙදීම මම දන්නේ නැහැ. නමුත් අපේක්ෂකයෝ වැඩි නිසා මත බොහෝමයක් තිබෙනවා. කලින් එක්කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා. ධම්මික පෙරේරා මහතාත් අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම කැබිනට් එකේ අය ඉන්නවා . ව්‍යවසායකයොත් ඉන්නවා. මේ කැබිනට් එකේ ජනාධිපතිතුමා සමඟ තව එක්කෙනෙක් ඉන්නවා.

අපි ගන්න ඕනේ රනිල් මහත්තයාට හොද තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොද තීන්දුවවත් නොවෙයි. අපේ පක්ෂය ආරක්ෂා කිරීම වගේම , අපේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම වගේම රටට හොද තීන්දුව තමයි අපි ගත යුත්තේ . අපි නැකත බලලා අපේ අපේක්ෂකයා ගැන කියන්නම්.