පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අදාළ විවාදය අද සිට ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම 8 වනදා සවස සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.
පාර්ලිමේන්තුව අද (05) සිට ලබන 8 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවන බවයි සඳහන් වන්නේ.
2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් (01) අවසන් වනවා.
ඒ අනුව ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වනවිට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය තුළ www.elections.gov.lk වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 10කට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වුණා.
ඒ අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු සභාවෙන් අද (23) දිනයට ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කර තිබෙනවා.
අද (23) පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා තීරණය කළා.
විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස බල කරමින් විරෝධය දැක්වීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා.
මෙම සතිය සඳහා අද (22) දිනයේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේදී යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් හමුවී තිබෙනවා.
ඒ අනුව සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) හමුවී තිබෙනවා.
එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.