හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම එළඹෙන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 04 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
අනෙකුත් රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 සහ 04 දිනවලදී සිදු කෙරෙන බවද සඳහන්.
අදාළ දිනයන්වල තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වන පිරිස් සඳහා නොවැම්බර් 07 සහ 08 දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධි විධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතු බවයි අමාත්‍ය මණ්ඩලය පවසන්නේ.
රජය විසින් මේ වනවිට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබාදී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදාගනු ලබන අතර, එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යන බවයි සඳහන් වෙන්නේ.
එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් මේ වනවිට නවතා ඇති අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම ශෙහාන් සේමසිංහ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් ද මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.
එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා, සහන් ප්‍රදීප්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සී.වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ප්‍රියකංර ජයරත්න, නෂීර් අහමඩ්, සම්පත් අතුකෝරළ, ගෙවිඳු කුමාරතුංග සහ සුදත් මංජුල ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 29 දෙනෙකුගෙන් සමන්විත එම ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද අතුළත් කර තිබෙනවා.
අදාළ ලැයිස්තුව පහතින්.

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් 29 ක් ඇතුළත් කර තිබෙනවා.
මේ සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂද ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම අද (09) ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඔවුන් නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.
ඒ අනුව “මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවයි සඳහන් වෙන්නේ.
එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (08) දිනයේ ඊට අදාළ නාමයෝජනා පත්‍රය සඳහා ඇය අත්සන් තබා ඇති බවයි සඳහන් වෙන්නේ.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින බවයි සඳහන් වෙන්නේ.
ඊට අදාළ ලිපි ලේඛන සඳහා ඊයේ (08) ඇය අත්සන් තබා තිබෙනවා.