සමහරුන්ට මිලියන ගණන් ගෙවන්න වෙලා, එයාලා නැවත මේ රටේ ඉපදෙන්න නම් එපා – වෙල්ගම

නව සන්ධාන වල එකට අසුන් ගැනීමට නොහැකි අය සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසනවා.

ඉන් ඇතැමුන් මේ රටට පොහොර ගෙන ඒම නැවත් වූ අය බවද, අද ජනතාවට බඩගින්නේ සිටීමට සිදු වී ඇත්තේ ඔවුන් නිසා බවද, තවත් සමහරුන්ට මේ වන විට මිලියන ගණන් ගෙවන්නට සිදු වී ඇති බව ද, රටට වින කරපු එවන් අය නැවත මේ රටේ ඉපදෙන්න එපා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ඔහු පවසනවා.

ලක්ෂ 2000 ක් වියදම් කරලා නිදහස් උත්සවේ පවත්වන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා – සජිත්

ආණ්ඩුව ඡන්දය මෙන්ම ජනතාවට සහන දීම හා ජනතාව ජීවත් කරවීම ද කල් දැමීමට යන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මැතිවරණය පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවිය නොහැකි වන බව ආණ්ඩුවේ පිරිසක් මාධ්‍යය ඉදිරියේ පවසා සිටියද, ඔවුන්ට රුපියල් ලක්ෂ 2000 ක් වියදම් කර නිදහස් උත්සවය පැවැත්වීමට මුදල් තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

රා ඇතුළු දේශීය මධ්‍යසාර අපනයනය විදේශ විනිමය අර්බුදයට විසඳුමක් – රංජිත් සියඹලාපිටිය

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රටේ පවතින විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස දේශීය මධ්‍යසාර අපනයනය ගැන අවධානය යොමු කර ඇති බවත් ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳුමක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට පමණ අපනයනය කරන බවත් 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 20ක් බවත්, 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා බදු නිසි ලෙස අය විය යුතුයි – හර්ෂ

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ තැන්පත් කළ ඇප මුදල් පිළිබඳව නිවේදනයක්

ඊයේ (13) පස්වරු 4.15 වන විට පළාත් පාලන මැතිවරණය සඳහා එක් එක් පක්ෂ තැන්පත් කළ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 18ක පළාත් පාලන ආයතනයන් සඳහා මේ වන විට පක්ෂ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

62345f0299301df3c59620e57742e588

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වි සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද මෙම අවස්ථාව සඳහා එක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

fdda932b203a0aa0dac48a4f111ff4d2

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ජුලි 9 අරගලය අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහස සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා – ජනපති

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බවයි කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

768834fd904b4c7f4cc0617b278dfd1d

හෙලිකොප්ටරය එළිදකී

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව “නිදහස් ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් හෙලිකොප්ටරය ලකුණින් එළිදක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10 ක් එක්ව මෙම සන්ධානය පිහිටවා ඇති අතර, එළඹෙන පාළාත් පාලන මැතිවරණයට එක්වී තරග කිරීම සඳහායි මෙම සන්ධානය බිහිකර තිබෙන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජී.එල්.පීරිස්, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකු මේ සඳහා සහභාගීවී තිබෙනවා.

ලෝකයේ කිසිදු රටක් ඡන්දයක් තියලා බංකොලොත්වෙලා නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙතෙක් ගත් සෑම තීරණයක් සඳහාම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනාගේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.

ලොව කිසිදු රටක් ඡන්දයක් පවත්වා බංකොලොත් වී නොමැති බවත් ඡන්ද පවත්වා බංකොලොත් බවින් ගොඩ ආ රටවල්ද තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

රටක් ඉදිරියට යන්නේ මහජන සම්මුතියෙන් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.