කැබිනට්ටුව පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම නවත්වන්න තීරණය කරලා – විපක්ෂ නායක

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීම කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපි යොමු කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර අද එහි ප්‍රතිඵල නිකුත් වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වහාම මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට දැනුම්දෙන බවත් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කෙලෙසීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමට රජය නොගහන තුරුම්පුවක් නෑ – ජී.එල්. පීරීස්

පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමට රජය හැකි සෑමදේම සිදුකළද, එය සාර්ථක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසනවා.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව බෙදී ඇති බවට ප්‍රවෘත්ති පළකරන බවත්, එවැනි බෙදීමක් මැතිවරණ කොමිසම තුළ නොමැති බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.

එම පුවත් මවා එළියට දමන ප්‍රවෘත්ති බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් එකම ස්ථාවරයක ඇති බවත් එයට හොඳම සාක්ෂිය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිල ගැසට් නිවේදනය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ කණ්ඩායම් විසින් සිදුකළ එවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාවද අත්දුටු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ.

ජනපති ලබන සතියේ ඉන්දියාවට – ඉන්දීය මාධ්‍ය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන Voice of Global South Summit සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙන්ම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව ලබන 12 සහ 13 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඩයනාගේ පුරවැසිභාවය ගැන විමර්ශනය කරන ලෙස CID වෙ​ත නියෝගයක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඡන්ද කාලයේ රාජ්‍ය දේපළ භාවිතය ගැන රාජ්‍ය නිළධාරීන්ට දැනුම්දීමක්

ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ වෙනත් පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් යනාදී කරුණු සීමා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පුමුඛ සියළුම නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව එවැනි වරදක් සිදුකර අධිකරණයේදී වැරදිකරු වුවහොත් වසර 3 ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

දර්ශනගෙන්, ඩයනාගේ විදේශ ගමන් බලපත්‍රයට එරෙහිව CIDයට පැමිණිල්ලක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කූට ලේඛන සකස් කර රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවා රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ ව්‍යාජ ලේඛන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ආගමන විගමන පාලකවරයාට බවද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජාතියේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – පාලිත රංගේබණ්ඩාර

පැවැත්වීමට සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

ඒ අනුව එම ජනාධිපතිවරණයේ ජාතියේ අපේක්ෂකයා ලෙස සහ ජාතිය බේරාගැනීමට හැකි එකම අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇති බවත් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රට ‌ගොඩ ගන්න මිලියන 14.1ක් වියදම්කර IMF ගිය නන්දලාල්

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පටි තදකර ගැනිම සදහා උපදෙස් දෙන, ජනාධිපති ගෝඨාභයගේ මහ බැංකු අධිපතිගේ IMF සංචාරයේ වියදම් අනාවරණය වෙමින් තිබේ. LNN දේශපාලන වාර්තාකරු සදහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ ගෝඨාභය ජනාධිපතිවරයා විසින් අමෙරිකාවේ, වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී කල කණ්ඩායමේ වැඩිම වියදමක් දරා ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් බවයි.

අප්‍රියෙල් 18 වනදා පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර දින 05ක කාලයක්
සාකච්ඡා පැවැත්වූනා. ඒ සදහා එවකට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු
අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම්
සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්වු අතර එම කණ්ඩායම සදහා දරා තිබුන මුළු වියදම රුපියල් මිලියන 14.1ක්.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් සිය ගුවන් ගමන සදහා ලක්ෂ 24ක් වියදම් කර ඇති අතර ඔහුගේ ඇදුම්,ආයිතම් (Out-Fit) වෙනුවෙන් හයලක්ෂ විසිතුන්දහසක (623,000) මුදලක් වියදම් කර තිබේ. මිට අමතරව ඔහුගේ හෝටල් බිල මිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර අමතර වියදම් සදහාද මිලියන 4කට වඩා භාවිතා කර තිබේන බවද වාර්තා වේ.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට නොකා නොබි අරගල කරන්න සුන්දර කතා කියන නන්දලාල් ගුවනේ යෑමටම පමණක් ලක්ෂ 24ක් වියදම් කර හමාරය. අදින්න ඇදුම් නැති නන්දලාල් IMF යැමට ලක්ෂ 6ක් ඉක්මවා ඇදුම් ගත්තේ ඇයිද යන්න රටේ ජනතාව ප්‍රශ්ණ කලයුතුය.පාන් රාත්තලක් ගැනිමට නොහැකිව තම දරුවන් සමග බඩගින්නේ නිදියන ජනතාව් සිටින රටක ලක්ෂ 6ක් යනු සොච්චම් මුදලක් නොවනු ඇත.ඒ අනුව බැලුකල නන්දලාල් ලා සහ රාජපක්ෂලා අතර ඇත්තේ කෙස්ගහක පමණ වෙනසකි.

උන්ඩියෙල් ජාවාරම!

උන්ඩියෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු
අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක
ලේකම් දුමින්ද නාගමුව පසුගියදා අනාවරණය කර තිබුනා.අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

නන්දලාල් වීරසිංහ අපුරුතම සංචාරයේ සියලුම වියදම් සම්බන්ධයෙන් වහාම රටට අනාවරණය කරන ලෙස තොරතුරු දැන ගැනිමේ පනතට අනුව ඉල්ලා සිටිමට මේ වනවිටත් කටයුතු කරමින් සිටි.

මේ ්ගලික වියදම් රැසක් දරා ගනිමින් රටේ ජනතාව විදින දුක් වෙනුවෙන්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල IMF සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්විමට මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් ඇමති සහ පිරිස සමත් වුයේ නෑ.”ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු ය,” යනුවෙන්

මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල්
අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ අතින් අප්‍රේල් 7 දා පත්වීම් ලබා ගත්හ.

නන්දලාල්ගේ කුජීත මාධ්‍ය මෙහෙයුම!

හිටපු මහ බැංකු අධිපති වන කුප්‍රකට සොරෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් ජනතා
අප්‍රසාදය හමුවේ ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය
වීරසිංහ පත් කල අතර ජූලි පළමු වැනිදා එම ධුර කාලය නිමාවිමට නියමිතයි.
පවතින තත්ත්වය හමුවේ අධිපති ධුරයේ රැදී සිටිම නන්දලාල් විවිධ
ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ජනතා ප්‍රශ්ණ විසදිම පසෙකලා තනතුර වෙනස්
නොවී තබා ගැනිමේ මෙහෙයුම් දියත් කර තිබෙන බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

තත්ත්වය එසේ පවතිද්දී තමන්ගේ කඩතොලු වසා ගැනිම සදහා මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය ඇතුලු විවිධ සමාජ ජාලා මාධ්‍ය කරුවන් භාවිතාකරමින් ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව තමන් ඉවත් කිරිමට යන බවට පුවත් පලකිරිමට නන්දලාල් කටයුතු කර තිබේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක්
ඇති බව මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංසදය පවසන්නේ මෙම ඉවත් කිරීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව බවත්, එය නැවැත්වීමට වහාම කටයුතු කරන ලෙසත්ය.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ අතර විරසකයක් ඇති බවට පළවන ඇතැම් වාර්තා තරයේ ප්‍රතික්ෂේප
කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අවධාරණය කර තිබේ. රටේ ආර්ථික ප්‍රශ්ණ කප්පරකට ගොඩගැසී තිබේන අවස්ථාවක සමාජ ජාලා හරහා විවිධ අසත්‍ය පුවත් මවමින් එවාට එවාට මහ බැංකු නිළ සමාජ ජාලා හරහා පිළිතුරු සැපයිම ගුජුප්සාජනක බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙලිවූ කෝටි ගණනක වංචාව

කෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු
මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත
සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී ‍ඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර ඒ සඳහා එවකට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රත්නායක විසින් ඉදිරිපත් කොට තිබූ ඊට අදාල කරුණු පාදක වූ බවද සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධ පෞද්ගලික පාර්ශ්වයක් වූ ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ්
නම් සමාගම විසින් කෝප් විමර්ශනයේ වැරදි සහගත බවක් ඇතැයි මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය 2022 ජූනි 03 වැනිදින කාරක සභාව වෙත ලිපියක් මගින් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා පැවසුවේ, ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් දක්වා ඇති පරිදි
ඔවුන් ඉහත පද්ධතිය වෙනුවෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන
223,120,458.73ක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොප් කමිටුව වෙත
දක්වා ඇති ලිඛිත ස්ථාවරය අනුව ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනය වෙත
රුපියල් මිලියන 458,591,910.6ක් ගෙවා ඇති බවත් ඊ විස් සොලියුෂන්
ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 66,176,348.98ක් ගෙවා ඇති
බවත් සඳහන් බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මුළු එකතුව රුපියල් මිලියන 524,768,259.4ක් ගෙවා ඇති බව සඳහන් කොට තිබේ.

කෝප් සභාපති චරිත හේරත් මහතා මෙම වාර්තා දෙකම සභාගත කළ අතර මේ පිළිබඳ වි‍ශේෂ පරික්ෂණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට කෝප් කමිටුව නිර්දේශ කළ බවත් එම වාර්තාව මසක් ඇතුළත ලැබෙන බවත් ඉන්පසු මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් රට හමුවේ තැබීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.