ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයක්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.

ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස Nikki Haley හා Ryan Binkley තරග වැදී ඇති අතර එහිදී ඔවුන් සියල්ල පරාජයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ.

මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනාධිපතිතුමා සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳ කළ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිය මතකයන් සිහිපත් කළේය.

2007 – 2010 කාලසීමාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සමීපව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර සන්තොෂ් ජාහ් මහතා බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.

දයාසිරි ජයසේකරට නිකුත් කළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා.

මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් අදාළ විරෝධතා ගොනුකිරීමටද අධිකරණය වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අතර, පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කරන ලද බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

දයාසිරි ජයසේකර විසින් වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයට නව නායකත්වයක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරීපත්වී තිබෙනවා.

ඒ අනුව අද (21) පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීමේදී මෙම පත්වීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහි අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු යැයි ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.

එම අභියාචනය ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකුවන ඕෂල හේරත් අදාළ අභියාචනය ගොනුකර ඇත්තේ, ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහු ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කිරීමෙන් සති දෙකකට පසුවය.

තමාගේ අභියාචනයේ වගඋත්තරකරු ලෙස රාජ්‍ය ඇමැතිවරිය ඇතුළු කිහිපදෙනෙකු නම් කරමින් ඕෂල හේරත් පවසා ඇත්තේ, ද්විත්ව පුරවැසිභාවය ද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තමන් මීට පෙර පෙත්සමක් ගොනුකළ බවයි.

කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් 2023 ඔක්තෝම්බර් 31 දින බෙදුම් තීන්දුවක් ලබාදුන් අතර, ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අභියාචනාධිකරණ තීන්දුව නීත්‍යානුකූල නොවන බවත්, රාජ්‍ය ඇමැතිවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවටත් පවසන ලෙස ඉල්ලා, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම ඇපෑල ගොනුකර තිබේ.

තෛපොංගල් දින පණිවුඩය

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම උතුම් උත්සවය සමරන සියලුම ගොවීන්ට සහ පුද්ගලයින්ට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවායැයි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.

අප මානව ශිෂ්ටාචාරය හා හැඩගැසී ඇති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඇති ප්‍රධාන කාර්යභාරය අවබෝධ කරගනිමින් ඒතුළින් වර්ථමානයේ ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයට එල්ල වන අභියෝග ජයගෙන අනාගතය පරපුර වෙනුවෙන් කටයුතු කරන අතරතුරදී, එහි බැඳී ඇති අපගේ කෘෂිකාර්මික සම්ප්‍රදායන්, සංස්කෘතියන්, සදාචාරයන්, මනුෂ්‍යත්වය සහ අපගේ සමාජය තුළ සහජීවනයේ බැඳීම් සුරැකීමට සහ සැමරීමට මෙන්ම, තෛපොංගල් උත්සවයේ වැදගත්කමට ගෞරව කිරීමට මෙය හොදම අවස්ථාවක් වන බවද මා විශ්වාස කරමි.

අද ශ්‍රී ලාංකීය ගොවීන්, මිනිසුන් ජීවත් කරවීමට අවශ්‍ය පෝෂණය සැපයීමේදී මුහුණ දෙන අරගලයන් කෘෂිකර්මාන්තයේ වැදගත්කම අවධාරණය කරයි. තෛපොංගල් උත්සවය භූමිය සමඟ අපගේ ගැඹුරු සම්බන්ධතාවය සහ ප්‍රජාවන් පෝෂණය කිරීමේදී ගොවීන් ඉටු කරන මූලික කාර්යභාරය පිළිබඳ සංවේදී මතක් කිරීමක් කල යුතුයි. තෛපොංගල් උත්සවය සැමරීමට අපි එක්වන විට, සියලු ජීවීන් කෙරෙහි දයාව, කෘතවේදීත්වය සහ ගෞරවය යන සාරධර්ම කෙරෙහි අපගේ කැපවීම යළිත් තහවුරු කිරීමේ අවස්ථාවක් කර ගමු. මෙම උත්සවය අපගේ කෘෂිකාර්මික සංස්කෘතියේ මූලයන් අගය කිරීමටත්, සාමකාමී සහ තිරසාර අනාගතයක් සඳහා අඛණ්ඩව කටයුතු කිරීමටත් පමණක් නොව, සතුන් කෙරෙහි සහජ කරුණාව, සමගිය පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ඒ සඳහා වූ අපගේ සමාජය තුළ හවුල් වගකීම ද අවධාරණය කරයි.

හින්දු ආගම අදහන දෙමළ ජනයා සඳහා තෛපොංගල් සමය නව වසරක උදාව සනිටුහන් කරනවා මෙන්ම, නව අවස්ථා සහ ආරම්භය සංකේතවත් කරයි. මෙම උත්සවය සමරන ශ්‍රී ලාංකිකයන් සහ දේශසීමාවෙන් එතෙර සියලු දෙනාගේ ජීවිතවලට සෞභාග්‍යය, ප්‍රීතිය ගෙනදේවා යැයි මා ප්‍රාර්ථනා කරමි. සැමට අර්ථවත් හා සමෘද්ධිමත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.

මෛත්‍රීපාල සිරිසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී
06 වන විධායක ජනාධිපති

WhatsApp Image 2024-01-15 at 08.41.35

තෛයිපොංගල් දින පණිවුඩය

හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට පත් ‘තෛයිපොංගල්’ කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරයි.

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇත.

එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇත.

අපේක්ෂාවන් ඉටුවන ඵලබර නව වසරක උදාව සනිටුහන් කරමින් තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා වෙසෙන ජනතාවට සුභ පැතුම් එක් කරමි.
දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

2024 ජනවාරි මස 14

WhatsApp Image 2024-01-15 at 08.42.48

මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

* ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති

ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා

ඇඳුම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ සූපවේදීන් අඳින ඒප්‍රන් ඇඳුමට සමාන ඇඳුමකින් බවයි.

“ඇයි ඔය ඇදුමෙන් ආවේ කියලා ඇහුවම මන්ත්‍රීවරයා කිව්වා එයාට අඳින්න කළු කමිසයක් සහ කලිසමක් නෑ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අඟහරුවාදා කළු ඇඳුමකින් එන්න කියලා” වේත්‍රධාරීවරයා පවසා ඇත.

මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා – චමින්ද විජේසිරි

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඒ අනුව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.