මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බල පැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබෙනවා.
Category: politics_sub
මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් – මුදල් අමාත්‍යංශ ලේකම්
රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්ද සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවද, ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට පත්වනු ඇති බවද මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.
මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.
මැතිවරණ වියදම් නියාමනය පනත සම්මත වෙයි
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.
ගේම් වලින් බලයේ ඉන්න හදන අය ඉතිහාසයේ කුණු කූඩයට වැටෙනවා – අනුර
ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර, ශිෂ්ට සම්පන්න සම්ප්‍රදාය මුලුමනින්ම ඉවත්කර, තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ජනතා නැගිටීම් හමුවේ එය කළ නොහැකි බව මතක තබාගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ගේම්වලින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත්, ගේම්වලින් බලයේ සිටින අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.
මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි
නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.
එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මහින්ද අමරවීර අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වෙයි
අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට අවස්ථාව සලසමින් තමා මෙලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.
මෙම විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – සජිත්
අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවන් කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.
එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙලෙස ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙනවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් බවයි.
එම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂ නායකවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක්ද කර සිටියා.
