සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලබන වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායකවරයා වෙත ලබා දීමට සමගි ජන බලවේගය ඊයේ (22) තීරණය කළා.
ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.
ඉදිරි වර්ෂයේදී ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් සංවිධානය කර ඇති බවද ඔහු පවසනවා.
එසේම ජී.එල්. පීරිස් වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර හෝ එකඟතාවකට හෝ පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසනවා.
ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පක්ෂයක් ලෙස එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා සියලු පියවර මේ වනවිට ගනිමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති වුවත් අපේක්ෂකයින් හතරදෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් තිබෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එම අපේක්ෂයින් අතර මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරාද සිටින බවත්, තම පක්ෂය හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා දායකත්වය ලබා නොදීමට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයින් තීරණයකර ඇති අතර, මේ නිසා පූර්ණ කාලීන ආරක්ෂක කටයුතු සදහා මුදල් ගෙවා පුද්ගලික ආරක්ෂක අංශයකින් සාමාජිකයින් බදවා ගැනීමට කටයුතු කරන ලෙසට අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් තීරණය කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය පිහිටුවාගත් නමුත් එහි දේශපාලන කටයුතු වලදී පක්ෂයට සම්බන්ධයක් නොමැති වෙනත් කණ්ඩායමක් රැසක් ලං කරගැනීමට කටයුතු කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ දේශපාලන ක්‍රමයට සහ දේශපාලන සංස්කෘතියට පටහැනි ආකාරයට මෙසේ අලුතින් ආ කණ්ඩායම් කටයුතු කරන බවට පසුගිය කාලයේදී බෙදිමකට ලක්ව තිබුණි.
ජාතික ජන බලවේගය රට පුරා රැස්වීම් පවත්වන විට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීකයින්ට වැඩි ඉඩක් ලබානොදීම නිසා කණ්ඩායම් දෙක අතර බෙදීමක් ඇතිව තිබුණි. මේ වන විට එම බෙදීම බරපතල තත්වයකට පත්ව තිබෙන බවද, ඔවුන් ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා පූර්ණ කාලීන දායකත්වය ලබා නොදෙන බවද අනාවරණය වේ.
ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයින්ගෙන් දායක්තවය ලබා නොදෙන නිසා පුද්ගලික ආරක්ෂක අංශයකින් මුදල් ගෙවා දේශපාලනය කිරීම සදහා පුද්ගලයින් බදවා ගන්නා ලෙසට අනුර කුමාර දිසානායක දැනුම්දී ඇති බවද, ඒ අනුව ජාතික ජන බලවේගයේ පූර්ණ කාලීන දේශපාලනය කිරීම සදහා පුද්ගලික ආරක්ෂක අංශයේ සාමාජිකයින් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි
තමාගේ අත්වල ලේ තවරාගෙන නැති බවද සාමය උදා කරදුන් රටේ නැවත ලේ වගුරනවාට තමා කැමති නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අරගලයෙන් නැත්තටම නැතිවීමට ගිය රට බේරුණේ ජනතාව දුන් ජනවරම නිසා බවට තමා විශ්වාස කරන අතර එම ජනවරම ආරක්ෂා කරගෙන රට වැටීමට ගිය ආගාධයෙන් ගොඩගන්නට හැකියාව ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.
අරගලයට මුවා වී තම පාක්ෂිකයන්ට පහර දුන් බවද, ගේ දොර ගිනි තැබීමට ලක්වූ අයට තවමත් සාධාරණයක් ඉටු වී නැති බවද ඔහු පවසා සිටියා.
මේ කාරණා සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත්කර විමර්ශණයක් පැවැත්විය යුතු බවට තමා විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.
අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කුමන බලවේග පැමිණියද හෙට දිනයේත් රටේ ප්‍රබලම බලවේගය බවට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ඊළඟ මැතිවරණයේ බලවත්ම කඳවුර වන්නේද පොදුජන පෙරමුණ බවයි ඔහු සඳහන් කළේ.
ජනතාව ආර්ථික පීඩනයක සිටින බවත්, විදුලි සහ ජල ගාස්තු වැඩි බවත්, භාණ්ඩ මිල අඩු කිරීමට හැකිතාක් උත්සාහ කළ යුතු බවත්, ඒ අතරතුර රටට ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට සූදානම් බව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.
සිය පක්ෂයේම ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් විය යුතු බවත්, එය පෙර ආකාරයේ මෙන් පාණ්ඩුවක් නොවී නියම එඩිතර ආණ්ඩුවක් වීමට කටයුතු කළ යුතු බවයි පක්ෂ සම්මේලනය අමතමින් ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගල් ගැසීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී බලාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස යළිත් මහින්ද රාජපක්ෂ තෝරා පත්කරගෙන තිබෙනවා.
මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථිර කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භවී ඇති බවයි සඳහන් වන්නේ.