ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගයට එක්වීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට එම පක්ෂයේ ආරංචි මර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු ප්‍රබල තනතුරක් හෙබි පුද්ගලයෙක් වන අතර අනෙක් දේශපාලඥයා ආසන සංවිධායක ධුරයක් දරන්න බව වැඩිදුරටත් සදහන් වන අතර ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ එම පුරප්පාඩු වන තනතුරු සදහා දැනටමත් වෙනත් දේශපාලඥයන් දෙදෙනෙකු පත් කරගැනීමට තීරණය කරගෙන ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳ දේශපාලඥයන් දැනුවත් කිරීමට පියවර

මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව රටේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට තීරණය ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.පෙබරවාරි මස (27) සහ මාර්තු (06) යන දිනවල දී මෙම දැනුවත් කිරීම් සිදු කිරීමව සැලසුම් කර ඇති අතර මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු බවද එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වුවත් ඉන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නොමැත. පනතේ විධි විධාන සම්බන්ධයෙන් සියලුම පක්ෂවල දේශපාලඥයින්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සූදානම් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගල්පාත චන්දන පෙරේරා

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සජිත් සමග එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස සත්‍යප්‍රිය ලියනගේ පත් කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සමඟ තිස්වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධ වාදියා ලෙස සිටි රනිල් වික්‍රමසිංහටද තම පක්ෂයේ සැලුන් දොර විවෘත්ත වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න සූදානම් – පාඨලී චම්පික

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත්, එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ වන අතර එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරෙන බවත් ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.

රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

65d4767b90ca4

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දැනට දරන අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්වීම සිදුකර ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත්, ජනාධිපතිවරණයක් නෑ – ජී.එල්. ජීරිස්

විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත්, ජනාධිපතිවරණයක් නෑ – ජී.එල්. ජීරිස්

ජී. එල්. පීරිස්ගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි නිදහස ජනතා සභාව අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් වුවද සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන ස්ථාවරයේ සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා දරණ තනතුරු පිළිබඳව තීරණය අත්හිටුවමින් දින 14 ක වාරණ නියෝගයක්

 

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහා දරන තනතුරු අත්හිටුවීම විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම පෙත්සම සලකා බැලීමෙන් පසු කොළඹ දිසා අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය
පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.

එම උසස් නිලධාරිනියගේ අංශයේ දෙවැනි නිලයට පත් කළ නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විරුද්ධව බලපෑම් කරන ලදැයි චෝදනා පදනම් කර ගනිමින් එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

දෙවැනි නිලයට පත් කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර දැනුම් දීමෙන් පසුව මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.