මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

එසේම කථානායකවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා.

ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇති අතර, අදාල දින තුනෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, විවිධ පනත් කෙටුම්පත් සඳහා අදාල විවාද සඳහාත් කාලය වෙන්කොට තිබෙනවා.

මේ අතර, කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් පිරිසක් ලබන 05 වනදා පෙ.ව 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට ද ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම මහ පොළොවට වටිනාකමක් දුන්නා – නාමල්

එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය ලංකාව වූ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොලී අනුපාත හා විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට තිබූ බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූයේ 2% කට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සංවර්ධනය නොකර ජාතික සම්පත් විකුණමින්, එහෙත් ISP ණය ලබාගත් ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූ බවත්, මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම සාධාරණීකරණයක් සිදුකළ බවත්, ඒ හැම ඩොලරයකට මහ පොළවට වටිනාමක් ලබාදුන් අතර නමුත් යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලට මහ පොළවට කිසිඳු වටිනාමක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළා.

සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ වන අතර එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත්, ඔවුන් රට වැට්ටවීම නිසා කොව්ඩ්වලට මුහුණදීමටද නොහැකි තත්ත්වයට ආර්ථිකය පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Supreme courts suppresses cabinet decision

Supreme Court quashed the Cabinet decision to allow former President Maithripala  Sirisena to occupy the Paget Road official residence even after he had left office.

The Supreme Court of Sri Lanka issued the order when the case was taken up today

This order was passed after a Fundamental rights (FR) petition was filed by the Centre for Policy Alternatives (CPA) and its Executive Director, Dr. Paikiasothy Saravanamuttu challenging the decision of the Cabinet of Ministers to allow former President Maithripala Sirisena to continue to use the official residence.

The Centre for Policy Alternatives stated that the allocation of a public assets of such a financial value for the personal use of a former President who is no longer carrying out the functions of a Head of State is irrational, arbitrary, and illegal,

The Cabinet approval for the move had been received in October 15, 2019 where President Maithripala Sirisena to retain his official residence, which he occupied during his term at Paget Road Colombo 7, following the end of his term of office.

President Sirisena had occupied the residence since 2015 as he refrained to reside in the president’s official residence at Fort.

In their Petition, they stated that the residence occupied by former President Maithripala Sirisena on Paget Road is of great financial value and is a valuable asset to the country.

තරගය තියෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර, ආණ්ඩුව රේස් එකේ නෑ – ඩිලාන්

මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව මේ වනවිට තරගය නිර්මාණය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර බවත්, ආණ්ඩුව තරගය තුළ නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට 25% ක් පවතින විට විපක්ෂයට 75% ක් සිටින අතර කිසිදු පක්ෂයකට තනිව ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කථානායකට එරෙහි විශ්වාසභංගයට ලංකා නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශිිත සංශෝධන ඇතුළත් නොකිරීමට එරෙහිව සමඟි ජන සන්ධානය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය ඊයේ (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ගෙන ඒමට සැරසෙන විශ්වාසභංග යෝජනාවටයි මෙසේ සහය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.

ඒ අවධියේ පැවති පාලනයෙන් රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ තමා පාර්ලිමේන්තුවට පැමිණියද, සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ පවතින වාතාවරණය තුළ තම දේශපාලන සිතුම් පැතුම් යථාර්ථයක් නොවන බව පසක් වීම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.

65dd864a96441

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ පිහිටුවීම

2024.02.26

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ පිහිටුවීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 24.02.24 දින ශ්‍රී.ල.නී.ප මූලස්ථානයේ පැවති ශ්‍රී .ල.නී.ප කාන්තා පෙරමුණ පිහිටුවීමේ අර්බුදකාරි තත්වයක් පිලිබද සාවද්‍ය පුවත් ඇතැම් මාධ්‍යයන්හි පලවිම අපගේ විස්මයටත් විමතියටත් හේතු විය.
එහිදී කිසිදු අර්බුදකාරි තත්වයක් නොවූ අතර විශාල කාන්තා සහභාගීත්වයෙන් යෝජනා සම්මතයෙන් තනතුරු පත්වූ අතර ඇතැම් තනතුරු සදහා කිහිපදෙනෙකු ම යෝජනා වීම නිසා ගරු සභාපතිතුමා විසින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යෝජනා වූ සියලු දෙනා සමග සාකච්ඡා කොට ඉදිරියෙදී එම තනතුරු පත් කිරීමට සභාවේ සියලු දෙනාගේම එකඟතාවය මත තීරණය වීමෙන් පසුව ඉතා සුහද ලෙසින් රැස්වීම අවසන් විය.

එබැවින් කිසිදු අර්බුදකාරී තත්ත්වයක් එහිදී ඇති නොවූ බව නැවතත් අවධාරණය කරමි.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

260224_240227_112048

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

තම පක්ෂය යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මධ්‍යස්ථානයක් බවද, එය දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොව, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක් බවද, සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම් සහ අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුව සොරා කන රටක් ජනතාවට අනවශ්‍ය බවද, ඒ වෙනුවට නව පුනරුද යුගයක් ජනතාවට අවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ඔක්තෝබර් මාසය වන විට දූෂිත පාලකයින්ගෙන් නිදහස් වීමේ සතුට මෙරට ජනතාව භූක්ති විඳිනු ඇති බවද, වත්මන් පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීම හරහා ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට එනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.