පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගියදා මේ පිළිබඳව ඉල්ලීම් කර තිබී ඇති අතර
පක්ෂ නායකත්වය පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන කරුණු මුල් කරගෙන පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම ඉතා ඉක්මනින්ම සිදුකරනු ඇතයි වැඩිදුරටත් සඳහන් වේ.

ගල්පාත චන්දන පෙරේරා

මෛත්‍රී සහ අෆ්රීන් අක්තර් අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇතිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබෙනවා.

ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා‌ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබෙනවා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස්ද නැවත කරුණු දැක්වීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනුර කුමාර දිසානායක සහ යුරෝපා සංගමයේ තානාපති අතර හමුවක්

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති Carmen Moreno සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (13) පස්වරුවේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වූ බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

එසේම Online Safety පනත පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

65cb59a54e275 65cb59a5c9900

රනිල් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වේගවත් වැඩකොටසක් කරනවා – මෛත්‍රී

මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නීතීඥ කණ්ඩායමක් පත්කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉක්මනින් කටයුතු කරමින් ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ජනමත විචාරණයක් පැමිණේවිද, නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේවිද යන්න ගැටලු සහගත බවත්, ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු අතර ඉදිරියට එන ඡන්දය කුමක්ද යන්න නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉලක්කගතව වැඩ කිරීමට නොහැකි වී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝක දේශපාලනයේ වෙනස්කම් අනුව අපේ පක්ෂයත් වෙනස් වෙලා – විජිත හේරත්

ලෝක දේශපාලනයේ සිදුව ඇති වෙනස්කම් අනුව තම පක්ෂයද වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ, මෙම සංචාරය සඳහා ඉන්දියාව ආරාධනා කළේ, හදිසියේ නොවන බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බවයි.

80 දශකයේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් ශ්‍රී ලංකාවට තබූ බවත් අද වන විට එම දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්වී ඇති බවත් තම පාලනයක් තුළ සියලු රටවල් සමඟ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට සමගාමී වන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තම විදෙස් ප්‍රතිපත්තිය පැහැදිළිව එරට බලධාරීන්ට ප්‍රකාශ කළ බවත් ලෝකය සහ කලාපීය දේශපාලනයද වෙනස්වී ඇති අතර එයට සමගාමීව දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන්ද වෙනස්වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාවේ අමුල් සමාගම සමඟ සාකච්ඡා කිරීමේදී තමන්ට ගැටලුව ඇත්තේ රට තුළ කිසිඳු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොවීම සම්බන්ධයෙන් බවත් එය එම සමාගමෙන් විමසූ විට, එය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා රජයෙන් බවත් එහි වගකීමක් තමන්ට භාර ගැනීමට නොහැකි බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂ යෝගී ආදිත්‍යනාත් සමඟ සාකච්ඡා පවත්වයි

දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන ඇමැති යෝගි ආදිත්‍යනාත් සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

නාමල් මේ වන විට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයේ දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ගොස් සිටින්නේ අයෝධ්‍යාවේ රාම් කෝවිලේ පූජාවකට සහභාගී වීමටය.

ඉන්දියානු සංචාරය පස්වන හා අවසන් දිනය – 2024.02.09

ඉන්දියානු සංචාරය පස්වන හා අවසන් දිනය – 2024.02.09

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරලය විසින් හිමිකරගෙන තිබේ.

අද (09) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve මහතා හමුවී සාකච්ඡා කරන ලදී. P.Rajeeve ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක්ද වෙයි.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගත්හ.

ඉන් අනතුරුව එම පිරිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technoparkහි සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම Technopark 1990දී ආරම්භ වන්නේ කේරල ප්‍රාන්ත මහඇමති ඊ.කේ. නයනාර්ගේ පාලන කාලයේදීය. එයට අක්කර 800කට වැඩි භූමිභාගයක් අයත් වන අතර ගොඩනැගිලිවල වර්ගප්‍රමාණය වර්ග අඩි මිලියන 10.6ක් බව සඳහන්ය. සමාගම් 480ක් එය තුළ ක්‍රියාත්මක වන අතර වෘත්තිකයෝ 70,000කට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටිති. මෙය පරිපාලනය වන්නේ කේරල ප්‍රාන්ත පාලනය යටතේය.

අනතුරුව එම නියෝජිත පිරිස G Tech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ Kovalamහි Vellar අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමටද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවිය.

පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස 10වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

WhatsApp Image 2024-02-09 at 16.22.24 WhatsApp Image 2024-02-09 at 16.11.53 WhatsApp Image 2024-02-09 at 16.11.40

Online Safety පනතේ යම් යම් අඩුපාඩු තිබෙනවා – අධිකරණ ඇමති

සමාජ මාධ්‍ය නියාමනය සඳහා සම්මත කළ Online Safety පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවයි අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම පනත සඳහා ඇතුළත් කළ සංශෝධන නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කර සහතිකයක් ලබාදී ඇති බවත්, මෙය මේ වන විට සම්මත වූ පනතක් හේතුවෙන් විවාද කිරීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Online Safety පනත සම්මත කිරීමේදී රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

අධිකරණය ලබාදුන් තීරණ පැහැර හරිමින් Online Safety පනත සම්මත කිරීම, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පනත් කෙටුම්පතේ 16 වැනි සහ 19 වැනි වගන්ති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පැහැදිලිව සඳහන්ව තිබුණද, පනත සම්මත කර ඇත්තේ එම වගන්ති ඉවත් කිරීමෙන් තොරව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම තවත් වගන්තියක, අන්තර්ජාල සේවා සපයන්නෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට ඔන්ලයින් ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා මහේස්ත්‍රත් වරයෙකු විසින් ලබාදෙන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය නිර්දේශ කර තිබුණද, සම්මත වූ පනතේ ඇති වගන්තියෙන් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව එසේ නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථා ගණනාවකදී පනත සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත්, එය රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.