සාගලගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ලෙස පත්කරයි

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක පත්කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු ඔහු අද දින (14 ) එම සභාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

මීට පෙර කාවන් රත්නායක වරාය අධිකාරියේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ – සුනිල් හඳුන්නෙත්ති

විපක්ෂයේ පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් කළ සාකච්ඡාවට, අඩුතරමේ IMF නියෝජිතයින්ටවත් ආරාධනාවක් සිදුකර නොමැති බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජනාධිපතිවරයා සූදානම් කළ එම සාකච්ඡාව සඳහා IMF නියෝජිතයින්ටවත් ආරාධනා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, විපක්ෂය ද සම්බන්ධ කරගනිමින් IMF එක පාවිච්චි කර වෙනම ප්‍රචාරක කටයුත්තක් දියත් කළ ආකාරයක් බවයි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සිදු කළ එම ක්‍රියාව රටක් ලෙස අප හැල්ලුවට ලක්වන ක්‍රියාවක් බවයි අද (14) IMF නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Peter Breuer ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් මෙහිදී IMF නියෝජියින්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගී වී තිබෙනවා.

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.

මාර්ග ගත ආකාරයට සිදුවෙමින් පවතින එම සමික්ෂණයේ මේ වන විට ලද ප්‍රතිඵල අනුව,

කොළඹ දිස්ත්‍රික්කය

2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
43.1% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
23.5% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
7.8% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
3.9% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
19.6% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ සමගි ජනබලවේගයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
27.02% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
2.7% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
45.94% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
24.32% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයට ට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
100% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
2020 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
93.3% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
6.6% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
ඒ අනුව 2024 මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය
39.81% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
22.4% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
4.9% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
19.16% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
12.4% තවම තීරණය කොට නොමැත.

සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්

2024.03.12

• සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්…
• පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය…
– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.12) පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
ජනතාවගේ ප්‍රශ්න වලට රජය මගින්, රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ඉටු කළ යුතු සේවාවට මුල් වියයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.
ඔබ ඉටුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.
මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනේ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටුකළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කර ගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නගා සිටුවීමටත් පියවර ගතයුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනේ. සම්පත් වැඩි වෙන්න ඕනේ. සම්පත් එසේ වැඩිවෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ධූරය භාරගෙන ආණ්ඩුව භාරගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක් කලා. එය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි කියා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් අපි යළි ප්‍රාර්ථනා නොකරමු. එවැනි තත්ත්වයකට යළිත් රට ගෙන නොයන්න, ඒ කාල පරිච්ඡේදයේ මුහුණ දෙන්නට සිදුවුණු අමාරුම සේවා සහ පහසුකම් වගේම ද්‍රව්‍යමය අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වේගවත් සහනයක් අප ලබා දීලා තියෙනවා.
ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න හමාර කර ගත හැකි අලුත් උත්සාහයකට ආර්ථිකය ගමන් කළ යුතුයි. ඒ ගමන රාජ්‍ය නායකයාට හෝ පාර්ලිමේන්තුවට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් කරන්නට බැහැ.මුළු රටම එකතුවෙලා ගන්න ඕන පියවරක්.

රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයන්ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි. මේ දේට රුකුල් දීමයි ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කළ යුත්තේ.
රාජ්‍ය සේවකයින්ට යම්කිසි දීමනාවක් වැඩි කරන්නට පුළුවන් වෙන ආකාරයට ආදායම් වැඩි කරගන්න අපට පුළුවන් වුණා. විශ්‍රාමිකයෝ හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශ්‍රාමයත් එලෙස ශක්තිමත් කරල ලබාදෙන්න පුළුවන්කමට අද රට ගෙනල්ලා තියෙනවා. විශ්‍රාම අර මුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. අප ඒ සියල්ල ගෙව්වා. අරමුදල හිඟයක් නැතුව දැන් ශක්තිමත්ව වැඩ කරනවා.
ඔබේ රාජකාරිය ඉෂ්ට කරන්න වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඒ මහජනයා වෙනුවෙන්. එය ඉෂ්ට කිරීම සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍රීය වෙයි කියලා මම විශ්වාස කරනවා.
අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.
පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වෙනු ඇතැයි මම හිතනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-12 at 17.06.45 (4) WhatsApp Image 2024-03-12 at 17.06.45 (3) WhatsApp Image 2024-03-12 at 17.06.45 (2) WhatsApp Image 2024-03-12 at 17.06.45 (1) WhatsApp Image 2024-03-12 at 17.06.45

ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද

ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සවස 3.00 ට හෝමාගම නගරයේදී මෙම සමුළුව ආරම්භ වන බවයි එම පක්ෂය සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ “සැබෑව” ජන රැළි මාලාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10) ආරම්භ වනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙය ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

අද (08) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය.

එමෙන්ම කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mrs. Maribel Duarte Gonzalez මහත්මියද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත් මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා මෙහිදී අනුර දිසානායක සහෝදරයා දැනුවත් කළේය.
இலங்கைக்கான கியூபத் தூதுவர் மற்றும் தேசிய மக்கள் சக்தியின் தலைவருக்கு இடையிலான சந்திப்பு

இன்றைய தினம் (08) பிற்பகல் மக்கள் விடுதலை முன்னணியின் தலைமையகத்தில் இலங்கைக்கான கியூபத் தூதுவர் Andrés Marcelo Garrido அவர்களுக்கும் தேசிய மக்கள் சக்தியின் தலைவர் அநுர குமார திசாநாயக்க அவர்களுக்கும் இடையில் சந்திப்பொன்று இடம்பெற்றது.

இச்சந்திப்பில் கியூபத் தூதுவர் அலுவலகத்தின் பிரதான செயலாளர் Mrs. Maribel Duarte Gonzalez அவர்களும் தேசிய மக்கள் சக்தியின் சார்பில் தேசிய நிறைவேற்றுப் பேரவை உறுப்பினர் தோழர் பிமல் ரத்நாயக்க அவர்களும் கலந்துகொண்டனர்.

இதன்போது நீண்டகாலமாக கியூபாவின் கம்யூனிஸ்ட் கட்சிக்கும் மக்கள் விடுதலை முன்னணிக்கும் இடையில் இருந்த அரசியல் தொடர்புகள் பற்றியும் நிகழ்காலத்தில் தேசிய மக்கள் சக்தியின் அரசியல் செயற்பாடுகள் குறித்தும் விலாவரியாக கலந்துரையாடப்பட்டது.

நீண்ட காலத்துக்கு முன்பாக கியூபா மீது விதிக்கப்பட்டிருந்த பொருளாதாரத் தடை பற்றியும் இன்றளவில் கியூபாவுக்கும் இலங்கைக்கும் இடையில் உள்ள நேரடி தொடர்புகள் மற்றும் அவற்றின் முன்னேற்றம், பிரச்சினைக்குரிய பகுதிகள் பற்றியும் கியூபத் தூதுவர் தோழர் அநுர குமார திசாநாயக்கவிடம் தெளிவுபடுத்தினார்.
A meeting between the Cuban ambassador to Sri Lanka and the leader of the National People’s Power

The Cuban Ambassador to Sri Lanka Mr. Andrés Marcelo Garrido met with Comrade Anura Kumara Dissanayake, the leader of the Jathika Jana Balawegaya (NPP) on the 08th March at the JVP head office.

The First Secretary of the Cuban Embassy, Ms. Maribel Duarte Gonzalez and Comrade Bimal Ratnayake, National Executive Member for the NPP, also participated in this event.

There was a long discussion on the political relationship between the Communist Party of Cuba and the People’s Liberation Front and the current political affairs of the NPP.

The Ambassador briefed Comrade Anura Dissanayake about the sanctions imposed on Cuba for a long period of time and the direct relations between Cuba and Sri Lanka, their progress and problematic areas.

WhatsApp Image 2024-03-08 at 17.12.53 (1) WhatsApp Image 2024-03-08 at 17.12.53 WhatsApp Image 2024-03-08 at 17.12.52 (1) WhatsApp Image 2024-03-08 at 17.12.52

අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා.

එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය ලෙස ගෙන ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී එම රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වාදුන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත