ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..

ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..

තිසර ගුණසිංහ – ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ශය

සජබ හා එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පොදුජන පෙරමුණ තීරණය කරයි

සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි පොදුජන පෙරමුණ පවසන්නේ.

පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉහත සඳහන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය 05 වැනිදා සමගි ජන බල සන්ධානය ලෙස සමගි ජන බලවේගය සමග ගිවිසුමගත වී තිබුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් වෙනමම නාමල් හමුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර දීර්ඝ කාලයක් පැවැති සබඳතාව තව තවත් ශක්තිමත් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන ගරු සන් හෙයාන් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන් හොන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මුණ ගැසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම මඟින් ද ප්‍රායෝගික දේශපාලන ගමන් මගක් නිර්මාණය කර ගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා සිදු කල බව නාමල් රාජපක්ෂ පවසයි

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ද සහභාගී විය

WhatsApp Image 2024-04-24 at 17.56.36 WhatsApp Image 2024-04-24 at 17.56.35 (2) WhatsApp Image 2024-04-24 at 17.56.35 (1) WhatsApp Image 2024-04-24 at 17.56.35

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය.

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ.

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.

මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී.

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය.

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

WhatsApp Image 2024-04-23 at 13.41.27 (4) WhatsApp Image 2024-04-23 at 13.41.27 (3) WhatsApp Image 2024-04-23 at 13.41.27 (1) WhatsApp Image 2024-04-23 at 13.41.27 (2) WhatsApp Image 2024-04-23 at 13.41.27 WhatsApp Image 2024-04-23 at 13.41.28 (5) WhatsApp Image 2024-04-23 at 13.41.28 (4) WhatsApp Image 2024-04-23 at 13.41.28 (3) WhatsApp Image 2024-04-23 at 13.41.28 (2) WhatsApp Image 2024-04-23 at 13.41.28 (1) WhatsApp Image 2024-04-23 at 13.41.28

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට පත් කිරීම ගැන තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දීමට පියවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම ගැන මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට මෛත්‍රී පාර්ශවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් ගත් තීරණය මෙලෙස මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසින් ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම භාරදෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවත් ඒ මහතා කීය.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත් පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.
කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.

පක්ෂයෙන් මට බාර දී තිබෙන වගකීම ඉටු කරනවා. ජනතාව මුහුණ දී තිබෙන අපහසුතා වලට යම් සාධාරණයක් අපි කරන්න ඕන. අපි ආණ්ඩුවට සහය දෙන්නේ ඒ පදනම මතයි. පක්ෂයක් ලෙස අපි ඒ සඳහා උපරිම කැපවීම කරනවා. පොදුජන පෙරමුණ ලෙස අපි පසුගිය කාලයේ දී විශාල පසුබෑමකට ලක් වුණා. එතනින් පක්ෂය ගොඩ නගාගෙන ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන තැනට අපේ පක්ෂය ගොඩ නගන එක තමයි මගේ අරමුණ හා වගකීම.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අලියා ලකුණ යටතේ නොවන්නේ නම් එතුමා ඒ සම්බන්ධව අපේ පක්ෂය දැනුවත් කළාට පසු පක්ෂයේ විධායක සභාව හා දේශාපලන මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගනිවී.
සමහර දේශපාලන පක්ෂ ප්‍රබල වෙලා ඉන්නේ කයිවාරුවෙන් විතරයි. මේ කයිවාරු ගහන අය ප්‍රබලයි කියලා අරගල කරන්න ගියා. අවාසාන ප්‍රතිපලය වුණේ හොරු අල්ලන්න ආපු අය හොරකම් වල සැකකරුවන් බවට පත්වෙලා බන්ධනාගාර ගත වීමයි. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතය පක්ෂයේ ප්‍රතිපත්ති ගැන හිතලා බලලා තීරණ ගන්නේ.ජනාධිපතිවරණයක් ආසන්න වනවිට තරඟකාරීත්වයක් ඇති වෙනවා.ඒ තරඟාකාරීත්වය තුළින් තමයි හොඳම අපේක්ෂකයා තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පක්ෂය ඇතුළේ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගන්න ඉතාමත් හොඳ තරඟයක් තිබෙනවා. අපිට ව්‍යවසාකයින් වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන් ද සිටිනවා. මේ සමහර අය අතර පක්ෂය හැදුවා කියන අයත් ඉන්නවා. මේ අය ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න ඕන. එවිට අපිට පුළුවන් තීරණයක් ගන්න.

මුහුද හත්ගව්වක් තියෙත් දී මම අමුඩ ගහන්නේ නැහැ. මුලින් කියන්න ඕන ජනපතිවරණය තියනවාද නැත්නම් මහ මැතිවරණය තියනවාද කියල කාරණය. පක්ෂය තීන්දු කළාට පස්සේ පුළුවන් අපිට පෞද්ගලික තීන්දු ගන්න. අපේ රටේ බොහෝ දේශපාලන පක්ෂ අද කැඩිලා බිඳිලා විනාශ වෙලා. පක්ෂ තීන්දු ගන්න කලින් පෞද්ගලික තීන්දු ගත්ත නිසා තමයි මේ පක්ෂ අද අර්බුදයකට පත්වෙලා තියෙන්නේ. වගකිවය යුතු දේශපාලනඥයින් ලෙසත් පක්ෂයක් ගොඩනගපු අය හැටියටත් අපි වගකිව යුතු කරුණු සම්බන්ධයෙන් පෞද්ගලික තීන්දු ගත යුත්තේ පක්ෂ තීන්දු වලට පසුවයි.පෞද්ගලිකව අපි කවුරුවත් නිර්පාක්ෂික නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජය කරන්නේ. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවකට පැමිණිය හැකියි.

මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි – අනුර

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

දෙමළ ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවිය හැකි වුවද, ඔවුන්ගේ වේදනාව තමන්ට දැනෙන බවද, රටේ ප්‍රධාන භාෂා දෙකක් ඇති බැවින් රාජ්‍යයත් සමඟ තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය දෙමළ පුරවැසියන්ට තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරන උතුරේ නායකයන්ට, උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනයකට ජාතික ජන බලවේගය සමඟ එක් වෙන ලෙස ආරාධනා කර සිටින බවයි ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

නව දේශපාලන පරිවර්තනයක් තුළින් උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස සැමට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ජන හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සහභාගී වී තිබෙනවා.

6610e2060122a 6610e2061a1b3

පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුව එළඹෙන අප්‍රේල් 24,25 සහ 26 දිනවලදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමටද එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660fe0cbd081d

නාමල් ජනපතිවරණයට ආවොත් පොහොට්ටුව දෙකට බෙදෙනවා – ප්‍රසන්න රණතුංග

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

දැනට සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂට ජනාධිපති ධූරය සඳහා තවත් කාලය ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් එවැනි අද්දැකීම් බහුල නායකයෙක් පවසන දේ සියලු දෙනා පිළිගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු හදිසියේවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂය දෙකඩ වනු ඇති බවත් පක්ෂයේ ජාතික සංවිධායකරයා ලෙස එවැනි තීරණයක් නාමල් රාජපක්ෂ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.