සමගි ජන සන්ධානය සමඟ නිදහස ජනතා සභාව නිල වශයෙන් ගිවිසුමකට එළඹීම අද (05) සිදු වී තිබෙනවා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.
මේ සඳහා නිදහස ජනතා සභාවේ සහ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව තිබෙනවා.
මට දෙන්න පුළුවන් ශක්තිය නැවත පක්ෂය ඉල්ලනවා නම්, මං දෙන්න සූදානම් – දයාසිරි ජයසේකර
නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ හෙට (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසසනවා.
ඒ අනුව හෙට පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ.
මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා නිර්මාණය කරන මහා සන්ධානයට තවත් පක්ෂ රැසක් එක් කර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, එළඹෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන පුළුල්ම සන්ධානය මෙය බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) සිදුව තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති UNDP වැඩසටහන් පිළිබඳව එහි නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයින්ට පැහැදිලි කළ බවද, රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බව දන්වා සිටි බවද එම පක්ෂය සඳහන් කරනවා.
මෙම හමුව සඳහා UNDP හි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota, ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ බිමල් රත්නායක සහභාගී වී තිබෙනවා.
පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිතව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව එම දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.
මීට අමතරව මහාචාර්ය චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ද එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සිට 21 වනදා දක්වා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඉන් අනතුරු ලබන 21 වනදා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.
69 ලක්ෂයේ අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ එළවීමට හා සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායකද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටියදී බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයේ අභිලාෂ ඉටු කිරීමකින් තොරව පළා ගියද එම අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් මෙවර ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික ජන බලවේගය සංවිධානය කරන “තරුණ රැලිය” එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සවස 3.30 ට මාතරදී මෙම රැලිය ආරම්භ වීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.