තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න

තව වසර දෙකකට ජනාධිපතිතුමාට රට බාර දෙන්න

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රංග බණ්ඩාර

තවත් වසර දෙකකට වැටුණු රට ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දීම සුදුසු යැයි එක්සත් ජාතික පක්ෂ මහලේ කම් රංග බණ්ඩාර මහතා කියා සිටිනවා
අද අපිට කෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවති ාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා එසේ පැවසුවා

, මම මේ පිළිබඳව මීට පෙර අදහස් දක්වද්දී සමහරු ව්‍යවස්ථාව ගැන කතා කරනවා පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒකටයි ඕනෑම අවස්ථාවකදී ේ අවශ්‍යතාවය මත ව්‍යවස්ථාව වෙනස් කොට හෝ නැවත ආර්ථිකය ගොඩ එන තෙක් මේ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය හැකියි මහ මැතිවරණයේදීද මා ජනමත විචාරණයක් පවත්වා න්න ඒ පිළිබඳව ක්‍රියා කිරීමට හැකියි රටේ ආර්ථිකයට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ඉතාමත් තද බරක් බවයි ඔහු පෙන්වා දෙන්නේ
මෙවැනි වාතාවරණයක න් සියලුම මන්ත්‍රීවරුන් එක්ව තීරණයක් ගැනීමත් යන මත විචාරණයකට යාමත් සුදුසු යයි ඔහු පෙන්වා දෙනවා

එසේ නොවී මැතිවරණ පවත්වා ට නැවත බංකොලොත්භාවයට පත් කිරීමට කිසිම අයෙකු කැමති වන්නේ නැහැ

ජුනි 06 සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමතියි – දිලිත්

ජුනි මස 06 වැනිදා සජිත් ප්‍රේමදාස නොඑන විවාදයට අනුර කුමාර දිසානායක සමඟ තමන් සහභාගී වීමට කැමති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විවාදයකට ආරාධනා කර ඇති බවද, සජිත් ප්‍රේමදාස අහිංසකයෙක් බැවින් ඔහුට කරදර නොකර තමන් සමඟ විවාදයකට එන ලෙස අනුර කුමාර දිසානායකට ආරාධනා කරන බවයි ඔහු සඳහන් කළේ.

තමන් අනුර කුමාර දිසානායකගෙන් අසීරු ප්‍රශ්න කිසිවක් නොඅසන නමුත්, ඔහුට තමන්ගෙන් කැළණියේ නයා ගැන, ධම්මික පැණිය ගැන සහ ඇන්ටිජන් ගැන ඇතුළු ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න ඇසිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අපේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගයේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

සමාජයේ ඇත්ත සහ බොරුව කියා දෙකක් ඇති බවද, තම පක්ෂය ඇත්ත මත පදනම් වුවද, වත්මන් පාලකයින්ගේ මුළු දේශපාලනයම බොරුව මත පදනම් වූ දේශපාලනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් ජනතාවට ඇත්තටම ආදරය කරනවා නම්, ජනතාවට විදින බෙහෙතට වස දැමීමටත්, ජනතාව බොන තේකට එක්කරන සීනිවලට අය කරන බද්දෙන් සොරකම් කිරීමටත්, මුළු රටේම වාහන පර්මිට් නතර කර තිබියදී පර්මිට් ගැනීමට ලියුම් අත්සන් කිිිිිරීමටත් ඔවුන්ට හැකි දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.

තම පක්ෂයේ සියලු දෙනා සැබැවින්ම මෙරට ජනතාවට හොඳ ජීවිතයක් සහ යහපත් රාජ්‍යයක් අපේක්ෂා කරන අය බවත්, මෙම ඇත්ත සහ බොරුව අතර වෙනස ජනතාවට හෙළිදරව් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මගේ වේගයට වර්තමානයේ වැඩ කරන්න පුළුවන් කිසිම සමකාලීනයෙක් නෑ – සජිත්

තමන් සමඟ සම සමව රටට අගයක් එකතු කිරීම සඳහා වේගයෙන් වැඩ කළ හැකි වෙනත් කිසිඳු සමකාලීනයෙකු නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ නමුත් තමන්ගේ වේගය අඩු වී යමෙකු තමාට වඩා පරිණතව දක්ෂ ආකාරයෙන් ඉදිරියට එන බව තමාට වැටහෙයි නම්, පොදුජනතාව තමාට යන්නට කියන තෙක් නොසිට සුදුස්සාට තැන දෙන බවද ඔහු සඳහන් කළා.

නමුත් මේ මොහොතේ තමන්ට ඉතා හොඳ ගමනක් යා හැකි බව තමන් තරයේ විශ්වාස කරන බවයි YouTube වැඩසටහනකට එක් වෙමින් ඔහු අවධාරණය කළේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද(21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද(21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්විය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙසත් කීර්ති උඩවත්ත මහතා වැඩ බලන මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.

අනුර සජිත් විවාදය සඳහා සජබයෙන් දින යෝජනා කරයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ජෙනරාල් මහේෂ් සේනානායක සජිත් සමඟ එක්වෙයි

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වී තිබෙනවා.

ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙසද ඔහු පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දුන්නා.

පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.

මෝඩ කොටළුවෙක් වගේ විපක්ෂ නායකයෙක් මේ රටේ දේශපාලනය කළ යුතුයි කියලා හිතනවා නම් විතරක් ඡන්දෙ දෙන්න – ඩයනා

මෝඩ කොටළුවෙක් වගේ විපක්ෂ නායකයෙක් මේ රටේ දේශපාලනය කළ යුතුයි කියලා හිතනවා නම් විතරක් ඡන්දෙ දෙන්න – ඩයනා