ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (2,850,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (13) විදුලි බිල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්වූ බව ජාතික සභාවට දැනුම්දී තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අද (14) මේ බව ජාතික සභාවට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.
විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය හෙටට (15) පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාවට පවසා ඇති බැවින් හෙට දිනයේ අවසන් තීරණයක් අපේක්ෂා කරන බව එහිදී කතානායකවරයා සඳහන් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අද දිනයේ කොමිෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.
තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 33,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 29,605 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,576 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ රැස්වීමක් අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති 40 ක් මෙම රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මූල්‍යමය නොවන ප්‍රතිලාභ සඳහා ලබාදුන් සහන හරහා මෙම බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ලක් කළ හැකි බව ආණ්ඩුව විසින්ම පෙන්වාදී ඇති බවයි.
මාර්තු මස 15 වනදා වනවිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මේ වන විට පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය වන 70% ක රෙදි චීනයෙන් පැමිණ ඇති බවත් පෞද්ගලික අංශයේ 30% ක් මේ වන විට නිම කෙරෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම උතුරු, උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවලින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළි නොගෙන නීතිපති උපදෙස් ලැබීමට පෙර ඇප දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍යවරුන් පවසනවා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ, ශල්‍යකර්ම අවශ්‍ය වේලාවට නොකිරීම හරහා එම රෝගියාගේ ජීවිතය අවධානමට ලක්වන බවයි.
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම බවට සඳහන් කරමින් වචන හරඹයක් පමණක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙක බවයි පොලීසිය සඳහන් කළේ.
පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබූ අතර සෙසු පිරිස දිවි බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
පසුගියදා තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ලයින් 28,000 ක් පමණ මියගොස් තිබූ අතර එක් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන්වී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණා.
ශ්‍රී ලාංකික කාන්තාව ජීවත් වූ කඩා වැටුණු ගොඩනැගිල්ලක සහන කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසියකදී සුන්බුන් අතරින් ඇය සොයාගෙන ඇති අතර මෙම කාන්තාව වසර කිහිපයක සිට තුර්කියේ පදිංචිව සිට ඇති අතර ඇය විවාහ වී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර තුර්කි ජාතිකයෙකු සමඟ බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.